2026 - SLIM KANTAR ජනතා සම්මාන උළෙලේදී හිරුට සම්මාන ‍රැසක්..
Thursday, 19 March 2026 - 15:12 | Views - 187
ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය අවකාශයේ අති විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් 2026 - SLIM KANTAR ජනතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.


ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධාන කළ 2026 ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් ජයවර්ධනපුර Monarch Imperial හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා.

එහිදී, වසරේ ජනප්‍ර්‍රියතම ප්‍රවෘත්ති සපයන්නාට හිමි ජනතා සම්මානය හිමිකරගනු ලැබුවේ හිරු ප්‍රවෘත්ති අංශයයි.

එමෙන්ම, වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිරු ටීවී විකාශය කරනු ලබන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය හිමිකරගත්තා.

වසරේ රූපවාහිනී වැඩසටහනට හිමි ජනතා සම්මානය හිරු ටීවී - හිරු ස්ටාර් වැඩසටහන දිනා ගත්තා.

වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාවට හිමි ජනතා සම්මානයද හිරු ටීවී හිමිකර ගත්තා.

මේ අතර වසරේ රූපවාහිනී නාලිකාවට හිමි ජනතා සම්මානය හිමිකර ගැනීමට හිරු ටීවී සමත් වුණා.

වසරේ ගුවන් විදුලි නාලිකාවට හිමි ජනතා සම්මානය - හිරු එෆ්.එම්. සතු කර ගත්තා.

එමෙන්ම වසරේ ගුවන් විදුලි වැඩසටහනට හිමි ජනතා සම්මානය - හිරු එෆ්.එම්. - අරා & පැස්බරා දිනා ගැනීමට සමත් වුණා.

වසරේ වඩාත් ජනප්‍රියතම තාරුණ්‍යයේ ගුවන් විදුලි නාලිකාවට හිමි ජනතා සම්මානය - ෂා එෆ්.එම්. දිනා ගත්තා.

එමෙන්ම වසරේ දමිළ ගුවන් විදුලි නාලිකාවට හිමි ජනතා සම්මානය දිනා ගත්තේ - සූරියන් එෆ්. එම්.

මෙහිදී වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන් විදුලි නිවේදකයාට හිමි ජනතා සම්මානය - හිරු එෆ්.එම්. - DJ ARA හිමිකර ගත්තා.

මේ අතර වසරේ වඩාත් ජනප්‍රියතම නළුවාට හිමි ජනතා සම්මානය හිමිකර ගැනීමට හිරු ටීවී (පාට කුරුල්ලෝ) ටෙලි නාට්‍යයේ - සජිත ඇන්තනී සමත් වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top