ගමන් බිමන් කවදා වෙනතුරු සීමා වේවිද..? මෙරට පවතින ඉන්ධන සංචිත ගැන බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි..
මෙරට පවතින ඉන්ධන සංචිත පිළිබඳව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියා.
අමාත්‍යවරයා සඳහන් කළේ පවතින තොග අනුව සුදු ඩීසල් ලබන අප්‍රේල් මස 12 වනදා දක්වාත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අප්‍රේල් මස 23 වනදා දක්වාත් පවතින බවයි.
මීට අමතරව සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සංචිත මැයි මස 10 වනදා දක්වා ප්‍රමාණවත් පරිදි පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.