කලක් රංගනය ඇයගේ ජීවිතය වුණා.. සුවහසක් ප්රේක්ෂක සිත්වල ලැගුම් ගත් "රෑ මනමාලී" ගැන වසරකට පසුව ඇසෙන ඒ සෝචනීය පුවත මෙන්න..
නික්ම ගියත් මතකයේ රැඳුණු මිනිසුන් අපට ඕනෑ තරම් හමුවෙනවා.
මේ කියන්න යන්නේ ප්රතිභාන්විත රංගන ශිල්පිනියක් වුණු ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්.
ශ්රී ලාංකේය සිනමා කලාව තුළ සිය රංගන ප්රතිභාවෙන් නොමැකෙන සටහන් තැබූ ප්රවීණ රංගන ශිල්පිනී අකුශලා සෙල්ලයියා මහත්මිය මෙලොව හැරගොස් අදට වසරක් සපිරෙනවා.
ඇය සිනමා ක්ෂේත්රය තුළ රැඳී සිටියේ කෙටි කාලසීමාවක් වුවද, එම කාලය තුළ ඇය රංගනයෙන් දායක වූ නිර්මාණ ප්රේක්ෂක හදවත් තුළ තවමත් නොනැසී පවතිනවා.
විශේෂයෙන්ම 80 සහ 90 දශකවල සිනමාවට නැවුම් බවක් එක් කළ ඇය, පසුව සිනමාවෙන් තරමක් දුරස් වී පෞද්ගලික ජීවිතයට මුල්තැන ලබා දුන්නා.
එකළ ඈ රංගනයෙන් දායක වූ තවලම, බඳුරා මල්, රෑ මනමාලී, හිතත් බයෝ වඳත් බයෝ, සූර දූතියෝ ඇය දේශීය සිනමාවට පමණක් නොව, විදෙස් නිර්මාණ සඳහා ද සිය දායකත්වය ලබා දුන් අතර, ඇය රංගනයෙන් දායක වූ "Rampage" නැමැති ඉංග්රීසි චිත්රපටය ඒ සඳහා කදිම නිදසුනක්.
සුවහසක් ප්රේක්ෂකයන් හදවත් රංගනයෙන් මෝහනය කළ ඇය, රිදී තිරය මත තැබූ ඒ අසිරිමත් රංගන රිද්මය සිනමා ඉතිහාසයේ සදාකාලිකව සටහන් වනු ඇතියි.