කලක් රංගනය ඇයගේ ජීවිතය වුණා.. සුවහසක් ප්‍රේක්ෂක සිත්වල ලැගුම් ගත් "රෑ මනමාලී" ගැන වසරකට පසුව ඇසෙන ඒ සෝචනීය පුවත මෙන්න..
Tuesday, 17 March 2026 - 14:11 | Views - 123
නික්ම ගියත් මතකයේ රැඳුණු මිනිසුන් අපට ඕනෑ තරම් හමුවෙනවා.

මේ කියන්න යන්නේ ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියක් වුණු ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. 


ශ්‍රී ලාංකේය සිනමා කලාව තුළ සිය රංගන ප්‍රතිභාවෙන් නොමැකෙන සටහන් තැබූ ප්‍රවීණ රංගන ශිල්පිනී අකුශලා සෙල්ලයියා මහත්මිය මෙලොව හැරගොස් අදට වසරක් සපිරෙනවා.

ඇය සිනමා ක්ෂේත්‍රය තුළ රැඳී සිටියේ කෙටි කාලසීමාවක් වුවද, එම කාලය තුළ ඇය රංගනයෙන් දායක වූ නිර්මාණ ප්‍රේක්ෂක හදවත් තුළ තවමත් නොනැසී පවතිනවා.

විශේෂයෙන්ම 80 සහ 90 දශකවල සිනමාවට නැවුම් බවක් එක් කළ ඇය, පසුව සිනමාවෙන් තරමක් දුරස් වී පෞද්ගලික ජීවිතයට මුල්තැන ලබා දුන්නා.

එකළ ඈ රංගනයෙන් දායක වූ තවලම, බඳුරා මල්, රෑ මනමාලී, හිතත් බයෝ වඳත් බයෝ, සූර දූතියෝ ඇය දේශීය සිනමාවට පමණක් නොව, විදෙස් නිර්මාණ සඳහා ද සිය දායකත්වය ලබා දුන් අතර, ඇය රංගනයෙන් දායක වූ "Rampage" නැමැති ඉංග්‍රීසි චිත්‍රපටය ඒ සඳහා කදිම නිදසුනක්.

සුවහසක් ප්‍රේක්ෂකයන් හදවත් රංගනයෙන් මෝහනය කළ ඇය, රිදී තිරය මත තැබූ ඒ අසිරිමත් රංගන රිද්මය සිනමා ඉතිහාසයේ සදාකාලිකව සටහන් වනු ඇතියි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top