"අනේ අයියේ මූට තෙල් නැතුව ක්ලාන්ත වුණා.." බයික් එක ඔඩොක්කුවේ තියාගෙන ගිය මහියංගනයේ තරුණයෝ දෙන්නා..
Monday, 16 March 2026 - 11:22 | Views - 207
මේ දවස්වල රටේ තියෙන තෙල් ප්‍රශ්නය නිසා මිනිස්සු පත්වෙලා ඉන්න පීඩාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.


 හැබැයි මේ පීඩාව අස්සෙත් අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන "මරු වැඩ" නම් ඉවර වෙන්නෙම නැහැ. ඔන්න ඒ වගේ අමුතුම කතාවක් මහියංගනය පැත්තෙන් අහන්න ලැබුණා.

මහියංගනයේ තරුණයෝ දෙන්නෙක්ට තමන්ගේ මෝටර් සයිකලයට තෙල් ටිකක් ගහගන්න ඕන වෙලා තිබුණා. හැබැයි ගැටලුව වුණේ ඒ බයික් එකේ බින්දුවක්වත් තෙල් නොතිබීමයි. බයික් එක තල්ලු කරගෙන යන්න කම්මැලි හිතුණද මන්දා, මේ දෙන්නා කළේ හිතාගන්නවත් බැරි වැඩක්.

තවත් යාළුවෙක්ගේ බයික් එකක නැගුණු මේ දෙන්නා, තෙල් නැති බයික් එකත් ඒකෙම පටවාගෙන යන්න තීරණය කළා. එක් තරුණයෙක් බයික් එකේ පිටුපස අසුනේ වාඩි වෙලා, තෙල් නැති බයික් එක තමන්ගේ ඔඩොක්කුවේ තියාගෙන හරිම පරිස්සමට ඒක වැළඳගෙන යන අපූරු දර්ශනයක් මහියංගනය පාරේදී දැකගන්න ලැබුණා.

තෙල් නැතිකමට බයික් එකට පණ දෙන්න බැරි වුණත්, යාළුවෝ දෙන්නා තමන්ගේ බයික් එකට තියෙන ආදරේ නිසාම මෙන්න මෙහෙම "අමුතුම ලිෆ්ට් එකක්" දීලා තියෙනවා. මේ දර්ශනය දුටු මඟීනුත් මවිතයට පත්වුණේ මේ තරුණයන්ගේ තියෙන අපූරු දක්ෂතාවය සහ තෙල් අර්බුදය හමුවේ ඔවුන් සොයාගත් මේ "විප්ලවීය විසඳුම" දැකලයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top