2027 දී පෙර පාසල්වලට මොකද වෙන්නේ? මෙන්න අලුත්ම ආරංචිය
Monday, 16 March 2026 - 11:17 | Views - 121
ලංකාවේ පෙර පාසල් ක්ෂේත්‍රය උඩුයටිකුරු කරන දැවැන්ත වෙනසක් ගැන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (15) විශේෂ හෙළිදරව්වක් කළා.


 ඒ අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ පැවති උත්සවයකදී.

බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු, හැබැයි කිසිම රජයකින් හරියට නොවෙච්ච වැඩක් ගැන අගමැතිනිය මෙහිදී අවධාරණය කළා.

අගමැතිනිය කියන විදිහට, 2027 වසරේ ඉඳන් ලංකාවේ පෙර පාසල් වලට අලුත්ම විෂය නිර්දේශයක් හඳුන්වා දෙනවා. "මෙච්චර කල් පෙර පාසල් ක්ෂේත්‍රය විධිමත් වෙලා තිබුණේ නැහැ. ඒක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි, හැබැයි අපි ඒක කරනවා," ඇය ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කළා.

පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරලා, ඔවුන්ව නිසි වැටුප් තලයක පිහිටුවන්න රජය පියවරෙන් පියවර කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය වුණා. ඒ වගේම පෙර පාසල් නියාමනය කරන්න විශේෂ නියාමන අධිකාරියක් පිහිටුවන බවත්, ඩිප්ලෝමාව සඳහා පිළිගත් විෂය මාලාවක් දැනටමත් සකස් කර ඇති බවත් ඇය සඳහන් කළා.

2024 රට භාර ගන්නකොට තිබුණු ආර්ථික අර්බුදය ගැනත් අගමැතිනිය මෙහිදී මතක් කළා. "2025 වසර අපිට අභියෝගාත්මක වුණත්, දැන් රට ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමකට ගේන්න අපිට පුළුවන් වෙලා තියෙනවා," ඇය වැඩිදුරටත් පැවසුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top