ඔවුන්ට යන්න තැනක් නැති වුණාද? ලෝකයේම අවධානය යොමු වුණු මහා ව්‍යසනයක්! පර්යේෂකයන් පවා හඬවපු ඒ පුවත මෙන්න.
Monday, 16 March 2026 - 10:57 | Views - 166
පරිසරවේදීන් පමණක් නොව මුළු මහත් ලෝකයම කම්පාවට පත් කරන අතිශය සංවේදී පුවතක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.


 ඒ, එහි පිහිටි ඔපිනිකන් විලෙහි (Opinicon Lake) අද්භූත ලෙස මියගිය 'Northe map turtle' වර්ගයේ කැස්බෑවන් 150කට ආසන්න සංඛ්‍යාවක් හමුවීමත් සමඟයි.

මෙය සාමාන්‍ය මරණ සංඛ්‍යාවක් නොව, එම විලෙහි සිටින මුළු කැස්බෑ ගහනයෙන් 10%ක්ම එකවර වඳවී යාමක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කැල්ටන් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ ග්‍රෙගරි බුල්ටේ (Gregory Bulté) විසින් මුලින්ම මේ කැස්බෑ සිරුරු සොයාගෙන තිබෙනවා. කැස්බෑවන්ගේ කට්ට බිඳී, සිරුරු කොටස් වෙන්වී තිබීමෙන් පෙනී යන්නේ මෙය ඉතා දරුණු ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවයි.

පර්යේෂකයන් සැක කරන්නේ, දේශගුණික විපර්යාස නිසා අයිස් තට්ටු තුනී වීමෙන් වාසියක් ගත් ගංගා බිළාලයන් (River otters) විසින් මෙම මහා සංහාරය සිදුකර ඇති බවයි. අයිස් යට ආරක්ෂිතව ඉන්නවා යැයි සිතූ අහිංසක කැස්බෑවන්ට මේ විලෝපිකයන් මාරකයක් වී තිබෙනවා....

මෙම කැස්බෑවන් පරිණත වීමට වසර ගණනාවක් ගතවන අතර, ඔවුන්ගේ පැටවුන්ගේ පැවැත්මේ අනුපාතය ද ඉතා අඩුයි. මේ නිසා මෙලෙස වැඩිහිටි කැස්බෑවන් 150ක් එකවර මියයාම මුළු කැස්බෑ ගහනයම අතුගා දැමීමට හේතුවක් විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවනවා.

දැනටමත් කැනඩාවේ "විශේෂ අවධානයක් යොමු කළ යුතු" ගණයට ඇතුළත් කර ඇති මෙම කැස්බෑවන්ට බෝට්ටු මගින් වන හානි සහ ඉදිකිරීම් ද තවත් තර්ජනයක් වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top