ඉරානයේ මීළඟ බලවතා කවුද? ඡන්දයෙන් එළියට ආපු නම මෙන්න!
Monday, 09 March 2026 - 16:15 | Views - 136
ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් හිස්වුණු ඉරානයේ මීළඟ බලසම්පන්නම පුටුවට පත් වෙන්නේ කවුද කියන එක ගැන මුළු ලෝකයම බලාගෙන හිටියේ ලොකු කුතුහලයකින්.


ඔන්න දැන් ඒකට පිළිතුර ලැබිලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය 08 වැනිදා පැවැත්වුණු විශේෂඥයන්ගේ සභාවේ (Assembly of Experts)ඡන්ද විමසීමේදී, අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) වැඩිම මනාප ලබාගනිමින් පෙරමුණට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

හුදෙක් පූජකවරයෙකුම පමණක් නොවෙයි, මොජ්තාබා කියන්නේ ඉරානයේ ආරක්ෂක අංශ ඇතුළේ ලොකුම "ගේම්" ගහපු, දැවැන්ත ව්‍යාපාරික ජාලයන් මෙහෙයවන ප්‍රබල චරිතයක්. පියා යටතේ සෙවණැල්ල වගේ ඉඳගෙන ආරක්ෂක අංශ පාලනය කරපු ඔහු, දැන් නිල වශයෙන්ම ඉරානයේ ඉරණම තීන්දු කරන තැනට ඇවිත් තියෙනවා.

විචාරකයින් පවසන්නේ මොජ්තාබාගේ මේ පැමිණීමත් එක්ක ඉරාන පාලනය තවදුරටත් දැඩි මතධාරීන් අතට පත්වෙනු ඇති බවයි. මේ තීරණය මැදපෙරදිග දේශපාලනයට මොන වගේ බලපෑමක් කරයිද? ඉරානය ඇතුළේ මොන වගේ පෙරළියක් වෙයිද? කියන එක ගැන දැන් මුළු ලෝකයම ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා.

අන්තර්ගතය - රොයිටර් පුවත් සේවය
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top