තවත් තෙල් නැවක් අසල පිපිරීමක්..
කුවේට් රාජ්‍යයේ මුබාරක් අල්-කබීර් (Mubarak Al-Kabeer) ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා තිබූ තෙල් නැවක ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය (UKMTO) අද වාර්තා කළා.
මෙම සිදුවීමත් සමඟ පර්සියානු ගල්ෆ් කලාපයේ නාවික කටයුතු පිළිබඳ දැඩි අවදානමක් මතුව තිබෙනවා.
නැවේ වම් පස (Port side) ප්‍රබල පිපිරීමක් සිදුව ඇති අතර, ඉන් අනතුරුව කුඩා යාත්‍රාවක් එම ස්ථානයෙන් ඉවතට ධාවනය වන අයුරු නැවේ කපිතාන්වරයා නිරීක්ෂණය කර ඇති අතර,පිපිරීම හේතුවෙන් නැවේ ඉන්ධන ටැංකියකට හානි සිදුව ඇති අතර මුහුදට තෙල් කාන්දුවක් ආරම්භ වී තිබෙනවා.
මෙය දැඩි පාරිසරික බලපෑමක් ඇති කළ හැකි බවට බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම පිපිරීම කුවේට් මුහුදු සීමාවෙන් බැහැරව, මුබාරක් අල්-කබීර් වරායේ සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් සිදුව ඇති බවයි.