වන සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා ඔබත් කරදරයෙන්ද..? මෙන්න් ඒකට විසඳුමක්..
Thursday, 05 March 2026 - 13:53 | Views - 131
කලක පටන් ලංකාවේ බොහෝ ජනකොටස්වලට සිදුවුණු හානිය බොහෝමයි. ඒ කතා මැද මේ ඇසෙන විශේෂ ආරංචිය මොකක්ද..?


මිනිස් වාස භූමි සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන වන සතුන්ගෙන් බෝග වගාවන්ට සහ ජන ජීවිතයට සිදුවන හානි අවම කිරීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මිනිස් වාසස්ථාන සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන අලි ඇතුන්, වල්ඌරන්, වඳුරන්, රිලවුන්, දඬුලේනුන් හා මොනරුන් වැනි වන සතුන් විසින් සිදු කරනු ලබන භෝග හානි හේතුවෙනුයි මෙරට ග්‍රාමීය කෘෂිකාර්මික ජීවනෝපායන්ට සහ ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ.

එමෙන්ම, ඒ ආශ්‍රිතව වනජීවී - මිනිස් ගැටුම් හා දේපළ විනාශ වීම් බහුලව වාර්තා වන අතර, බරපතල අන්දමින් සමාජ හා ආර්ථික ගැටලු උද්ගත වීම ද සිදුව තිබෙනවා.

එබැවින්, වන සතුන්ගෙන් සිදුවන වගා හානි සහ ජන ජීවිතයට සිදු වන හානි කළමනාකරණය කිරීම සඳහා මහජනකාව, විශ්ව විද්‍යාල ප්‍රජාව, ගොවි සංවිධාන, පරිසරවේදීන්, පාරිසරික ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අදාළ අනෙකුත් ආයතන ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් මත පදනම් ව පුළුල් වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය විසිනුයි සකස් කර ඇත්තේ.

ඒ පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, එම වැඩසටහනෙහි ඇතුළත් යෝජනා සමාලෝචනය කර, තවදුරටත් හඳුනාගනු ලබන නව යෝජනා ඇතුළත් කරමින් එකී වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top