රජයේ අනුමැතිය හිමිවූ ඒ විශේෂ කාරණාව මොකක්ද දන්නවාද..? ඔවුන්ට ලැබෙන්න යන ඒ වාසිය මෙන්න..
මේ කියන්න යන්නේ ඇත්තෙන්ම ඔවුන්ට සුබ පණිවිඩයක් කිව්වොත් ඒ කතාවේ වරදක් නැහැ..
2026 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාරය අඛණ්ඩව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2025/26 මහ කන්නය සඳහා ක්‍රියාත්මක කළ මෙම සහන වැඩපිළිවෙළ එළඹෙන යල කන්නයේදී ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/- බැගින් එක් ගොවියෙකුට උපරිම වශයෙන් හෙක්ටයාර 02 ක් සඳහා සහනාධාර හිමිවෙනු ඇති.
වෙනත් ක්ෂේත්‍ර භෝග සඳහා වී වගාව සිදු නොකරන කුඹුරු ඉඩම්වල නිර්දේශිත වෙනත් භෝග වගා කරන්නේ නම්, හෙක්ටයාරයකට රුපියල් 15,000/- බැගින් උපරිම හෙක්ටයාර 02 ක් සඳහා සහනාධාර හිමිවෙනවා.