සැමියා, කාන්තාවක් හා පැටලිලාද..? ඔහු ගැන තිබූ සැකය ටිකෙන් ටික සනාථ වෙද්දී, බිරිඳ නිවසේ යකා නටයි..
Wednesday, 04 March 2026 - 17:07 | Views - 82
ගැහැනුන් ඇයි මේ තරම්ම ඉරිසිය..?

කෙනෙක්ට එහෙමත් හිතෙන්න පුළුවන් ඒත් ගම්බද පැත්තකින් ඇසෙන ඒ කතාව නම් හිතනවාට වඩා ඇත්තටම වෙනස් එකක්. 


තම බිරිය ඉදිරියේ වෙනත් කාන්තාවක වර්ණනා කරන්න ගිහින් දින තුනක් කඩෙන් බත් කන්නට සිදු වූ සැමියකු පිළිබඳ පුවතක් ගැනයි මේ කතාව.

කන්ද උඩරට එක්තරා කුඩා ගම්මානයක පදිංචි මෙම යුවළ දරුවන් දෙදෙනකුගේ මව්පියන් වන අතර තවමත් තරුණ විය ඉක්මවා නොගිය මැදිවියට ළංවෙමින් සිටින යුවළක්.

සැමියා නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කළ අතර බිරිය රැකියාවක් නොකර නිවසේම රැඳී සිටියා. සැමියා සේවය කරන ආයතනයේ තරුණියන් මෙන්ම මැදි වියේ කාන්තාවන්ද වැඩි වශයෙන් සේවය කරන නිසා බිරිය නිරන්තරයෙන් සැමියා ගැන අවධානයෙන් සිටියා.

බිරිය නිවසේ තනි වන සෑම දිනකම ඇය සිතුවේ තම සැමියා ගැනයි. ඒ ඔහුට ඇති ආදරයට වඩා ඔහු වෙනත් කාන්තාවක සමඟ පැටලෙනු ඇතැයි වු බිය නිසායි.

මෙලෙස කාලය ගත කරමින් සිටියදී ටික දිනක සිට සැමියා නිවසට පැමිණෙන වේලාව වෙනස් වන්නට වුණා. ඔහු වෙනදා එන වේලාවට වඩා පැයක් දෙකක් ප්‍රමාද වී නිවසට පැමිණෙන්නට වුණා. මුල සිටම තම සැමියා ගැන බියෙන් සිටි ඇයට සැමියාගේ ප්‍රමාදය සැකයක් ඉපදවූ පසු සිදුවුණේ විශාල කලබගෑනියක්.

ඒත් කිසිවක් නොකිවු ඇය සැමියාගේ හැසිරීම ගැන බලා සිටියා. මෙසේ සිටියදී දිනක් රාත්‍රියේ සැමියා ආහාර ගනිමින් සිටියදී සිය සේවා ස්ථානයේ සේවය කරන කාන්තාවක ගැන වර්ණනා මුඛයෙන් කතා කළා. එයා හරි හොඳ කාන්තාවක් කතා කරන්නේ පොඩි ළමයෙක් වගේ‘ ආදි වශයෙන් ඇය ගැන වර්ණනා කරන්නට පටන් ගත්තා.

විනාඩි කිහිපයක් මේ වර්ණනාව අසා සිටි බිරියට යකා නැග්ගා. ඇය මෙතෙක් සැක සිතූ ආකාරයටම සැමියා කාන්තාවක හා පැටලී ඇති බවට ඇය සිතුවා.

එක් වරම සැමියාගේ ඇඟට කඩා පැන්න ඇය මං හිතුවා තමුසේ ගෙදර එන්න පරක්කු වෙන කොට සක්කරවට්ටමක් එක්ක පැටලිලා ඇති කියලා ඔය එළි වෙන්නේ ආය මං ගෙදර කන්න දෙන්නේ නෑ ඒ ගෑනිගෙන්ම ගිහින් කා ගන්නවා‘ යැයි එක දිගටම කෑ ගැසුවා.

ඇයට කරුණු පැහැදිලි කර දෙන්නට සැමියා කොතෙක් උත්සාහ කළද ඒ කිසිවකට සවන් දෙන්නට ඇය සූදානම් වුයේ නැහැ. ඇය කී ආකාරයටම පසු දින සැමියාට කෑම තිබුණේ නැහැ. දින තුනක්ම ඔහුට කඩෙන් ආහාර ගන්නට සිදු වු අතර ඇයගේ කෝපය ටිකක් සමනය වූ පසු ඇයට පැහැදිලි කර දීමෙන් පසුව කොන්දේසි ගොන්නකට එකඟ වීමෙන් යළි නිවසේ සුළි කුණාටුව යථා තත්වයට පත්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top