අද අහසේ මොකක්ද මේ වෙන්නේ... මේ අතිශය දුර්ලභ දසුන මගහැර ගන්න එපා! අනිවාර්යෙන්ම බලන්න
අහස දෙස බලන්නට ආදරය කරන ඔබට අද රාත්‍රිය අතිශය සුවිශේෂී එකක් වනු නොඅනුමානයි.
ඒ, 2026 වසරේ ශ්‍රී ලංකාවාසී අපට දැකගත හැකි පළමු චන්ද්‍රග්‍රහණය අද දින දිස්වන නිසාවෙනුයි.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසන පරිදි මෙය සැබවින්ම පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුවත්, චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටන බැවින් අපට එය දිස්වන්නේ "අර්ධ චන්ද්‍රග්‍රහණයක්" ලෙසයි.
ඔබ මෙය නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම්, අද පස්වරු 06:21 ට හඳ උදාවීමත් සමඟම අවධානයෙන් සිටින්න. නැගෙනහිර ක්ෂිතිජයෙන් හඳ උදාවන විටත් චන්ද්‍රයාගේ කොටසක් පෘථිවියේ සෙවණැල්ලෙන් ආවරණය වී ඇති ආකාරය ඔබට ඉතා පැහැදිලිව දැකගත හැකි වනු ඇති.
වසරේ පළමු චන්ද්‍රග්‍රහණය නිසා මේ දුර්ලභ අවස්ථාව මගහැර ගන්න එපා කියලා අපි ඔබට මතක් කරනවා. අද හවසට අහස පැහැදිලිව තිබුණොත් මේ සුන්දර දසුන ඔබටත් සජීවීව දැකබලා ගත හැකියි.