"අම්මා අප අතරින් සමුගත්තා..." වයසට අභියෝග කරමින් ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් දිරිය මාතාව ජීවිතයෙන් සමුගනී..
Thursday, 19 February 2026 - 15:15 | Views - 113
මිනිසුන්ගේ  නොසැලෙන අරමුණු ඉලක්ක ඔවුන්ට ආශිර්වාදයක්. මේ අම්මා ගැන අද බොහෝ දෙනෙක් හඳුනන්නේ ඇයත් අන්න ඒ වගේ දිරිය කාන්තාවක් වන නිසයි..


ලීලාවතී ඇසිලින් ධර්මරත්න, මේ මාතාව වයස අවුරුදු 97දී සිය ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගැනීමට සමත් වුණා. දියණියන් සිව් දෙනෙකුගේ මවක් වුණු ඇයගේ ජීවිතයේ තිබුණු ලොකුම ආසාවක් තමයි ඇය මෙන්න මේ විදිහට ඉටු කරගත්තේ. ඔන්න ඉතින් ඒ විදිහට කාගේත් අවදානය දිනාගත්ත මේ මාතාව ඊයේ සිය ජීවන චාරිකාව අවසන් කරලා.

කැලණිය විශ්වවිද්‍යාලයේ 143 වන උපාධි ප්‍රදානෝත්සවයේදී බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් ඇය 1927 වසරේ නොවැම්බර් මස 30 වැනි දින වාරණ, මිල්ලෑව නම් ගම්මානයෙහි උපන් ලීලාවතී ඇසිලින් ධර්මරත්න, මිල්ලෑව බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර, ඇය 1946 වසරේදී ඇය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබෙනවා.

පසුව, ඇය 1955 වසරේදී වේයන්ගොඩ, රුක්ගහවිල, මීවල මිශ්‍ර පාඨශාලාවේ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක ලෙස සේවය කළා.

ඔන්ලයින් ඔස්සේ පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරූ ඇය බෞද්ධ මනෝවිද්‍යාව, බෞද්ධ ආර්ථික දර්ශනය, ධර්ම සංගායනා ආදී ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කළ ඇය, පසුව බණ්ඩාරනායන අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ශාස්ත්‍රපති උපාධිය හිමිකරගත්තා.

රටට ආදර්ශයක් සැපයූ ඇයගේ මේ වියෝව ඇත්තෙන්ම බොහෝ දෙනෙක්ගේ නෙතට කඳුළක් උනන හේතුවක් වුණා.

ඉතින් මේ මාතාවගේ සමුගැනීම ගැන ඇයගේ දියණිය මුහුණුපොතට එක්කර තිබුණේ මෙවන් සටහනක්. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top