අධිවේගී පිවිසුමේ යකා නැටූ ඔවුන්ට මොකක්ද මේ වුණේ..? සැකකරුවන් පස්දෙනා ගැන අද ඇසෙන ඒ කතාව මෙන්න..
Thursday, 19 February 2026 - 15:10 | Views - 99
ඔවුන් කළ ඒ දේ නිසා සමාජමාධ්‍ය කැළඹී තිබුණා. මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන කතාවයි. 


ආසන පටි සිද්ධියක් මුල් කරගෙන ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් පරුෂ වචන පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයන් පස්දෙනා හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20 වෙනිදින දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබෙනවා.

මෙලෙස රිමාන්ඞ් භාරයට පත්කර ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි එම බස් රථයේ රියැදුරු වන රොෂාන් මදුරංග විජේසිංහ (33) , කටාන ප්‍රදේශයේ පදිංචි තිළිණ දිනේෂ් හෙට්ටිආරච්චි (40), කේ. එස්. සුසන්ත (37) , ඒ. ටි. මල්ශාන් (33) , ජි. එල්. කේ. දර්ශන යන අයවලුන‍්.

සැකකරුවන් එදින ගමන් ගත් බස් රථයද පොලිස් භාරයට ගනු ලැබූ අතර එහි ඉදිරිපස වාමුවා ආවරණය වන පරිදි සුදු යකඩ වැටක් අනාරක්ෂිත අයුරින් සවිකිරීම ඇතුළු විවිධ වැරදි ගණනාවක් සම්බන්ධයෙන් මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය පැවසුවා.

අදාළ සැකකරුවන් පිරිස මත්තල පිවිසුමේදී එලෙස ආවේගශීලීව හැසිරෙන අවස්ථාවේදී නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මත්තල පිවිසුමේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානය වෙතත් පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා කඩවත සහ කොට්ටාව අධිවේගී පොලිස් මුර පොළවල්වෙතත් මාරු කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසියේ උසස් නිළධාරියකු පැවසුවා.

ඉකුත් 16 වෙනිදින මීගමුව ප්‍රදේශයේ පිරිසක් බස් රථයකින් කතරගම වන්දනාවේ ගොස් යළි මීගමුව බලා යාම සඳහා මත්තල පිවිසුම වෙත පැමිණි අවස්ථාවේදී බස් රථයේ සිටි පිරිසට ආසන පටි නොමැති බව පවසමින් පොලිස් නිලධාරින් නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමත් සමඟම එම බස් රථයේ සිටි කීප දෙනෙකු බස් රථයෙන් බැස පොලිස් නිලධාරීන්ට බැන වදිමින් ජංගම දුරකථනයෙන් අනෙකුත් වාහන අභ්‍යන්තරද වීඩියෝ කරමින් පොලිස් නිලධාරීන්ට මෙන්ම ජනාධිපතිවරයාදටද පරුෂ වචනයෙන් බැන වදිමින් ආවේගශීලීව හැසිරී තිබූ අතර එම වීඩියෝ අන්තර්ජාලයටද යොමු කර තිබිණා.

එකී සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය මගින් විමර්ශන ආරම්භ කළ අතර කී පිරිස කටාන පොලිස් වසමේ පදිංචිකරුවන් බවට අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඊ‍යේ (17) එම සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.

රථ වාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා රථවාහන දිශාව ඩබ්ලිව්. පි. කේ. සේනාධිර, අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා, පොලිස් අධිකාරි ධම්මික සේනාරත්න සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරළගේ,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න, මහත්වරුන් මෙන්ම තංගල්ල කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුණ දෙහිගම යන නිළධාරින්ගේ මෙහෙයවීමෙන් හම්බන්තොට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් විජය ගුණරත්න ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top