ප්රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක්.. කොළඹ අවට මෙන්න මේ ප්රදේශවල ඉන්න ඔබ ඒ ගැන දැනුවත්ද..?
මේ කියන්න යන්නේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ඔබේ ජලසැපයුම බිඳවැටීම ගැන ඇසෙන කතාවයි..
අඹතලේ සිට දෙහිවල දක්වා ප්රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොළොන්නාව යන ප්රදේශවල ජල සැපයුම අඩාල වන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
බත්තරමුල්ල ප්රදේශයේ අඩු පීඩනයකින් සැපයුම සිදුවන බවයි එම මණ්ඩලය පවසන්නේ.