සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ.. අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීම් කිහිපයක්..
Tuesday, 17 February 2026 - 11:50 | Views - 239
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,545කදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.


විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ, මෙවර විභාගය සඳහා පෙනී සිටින මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 451,463ක් බවයි.

ඉන් 382,249ක් පාසල් අපේක්ෂකයින් වන අතර, 69,214ක් පෞද්ගලික අපේක්ෂකයින් ලෙස විභාගයට ඉදිරිපත් වනු ඇති.

එමෙන්ම, පවතින කාලගුණික තත්ත්වයන් හෝ වෙනත් යම් ආපදා හේතුවෙන් අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට බාධාවක් මතු වුවහොත්, ඒ සඳහා සහාය වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි අවධාරණය කළේ, කිසියම් හේතුවක් මත විභාගයට යාමට අපහසුතාවයක් ඇති වුවහොත් වහාම පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි.

117 (ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)

1911 (විභාග දෙපාර්තමේන්තුව)

මේ අතර අපේක්ෂකයින් තම ප්‍රවේශ පත්‍ර සහ වලංගු හැඳුනුම්පත් සමඟ නියමිත ආරම්භක වේලාවට පැයකට පෙර විභාග මධ්‍යස්ථනා වෙත පැමිණෙන ලෙසයි
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ.

මෙවර විභාගය සඳහා පෙනී සිටින මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 451,463ක්.

ඉන් 382,249ක් පාසල් අපේක්ෂකයින් වන අතර, 69,214ක් පෞද්ගලික අපේක්ෂකයින් ලෙස විභාගයට ඉදිරිපත් වනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top