ඔවුන් බලාපොරොත්තු නොවූ අමුත්තෙක් මෙන්න ඒ ඡායාරූපයේ..? සත්වෝද්‍යානයකදී ආදරය ප්‍රකාශකළ යුවලකට වුණ දේ මෙන්න..
Wednesday, 11 February 2026 - 18:43 | Views - 16
ඇත්තටම මේක නම් හරි අපූරු සිදුවීමක්..

ඔවුන් දෙදෙනා මෙහෙම දේකට සත්වෝද්‍යානයක් තෝරාගත්තේ ඇයි කියලා බොහෝ දෙනෙක් දැන් හිතනවාත් ඇති. ඒත් මේ සිද්ධියේ අපූරුම කතාව නම් එය නොවෙයි..


සින්සිනාටි, අමෙරිකා එක්සත් ජනපදය පැත්තෙන් ඇසෙන ඒ කතාවේ කතානායිකාව වන්නේ ඇයයි. තමන්ගේ ආදරවන්තියට ආදරය ප්‍රකාශකරන මොහොත සිහිවටනයක් කර ගැනීම සඳහා සුන්දර ඡායාරූප පෙළක් ලබා ගැනීමට සූදානම් වූ මේ යුවළකට කිසිසේත් බලාපොරොත්තු නොවූ "අමුත්තෙකුගෙන්" සුබ පැතුම් ලැබුණු පුවතක් මේ පුවත අසන්න ඔබත් කැමති ඇති.

සින්සිනාටි සත්වෝද්‍යානයේ (Cincinnati Zoo & Botanical Garden) පින්තූර ලබා ගනිමින් සිටි මෙම යුවළගේ පසුබිමෙන් හිටිහැටියේම මතු වූයේ එහි සිටින වඩාත් ජනප්‍රියම සත්ත්වයා වන ෆියෝනා (Fiona) නම් හීපෝ පැටවායි.

නිකලස් කෙල්බල් සහ හේලි රෝල් යන පෙම්වතුන් යුවළ හීපෝ ප්‍රදර්ශන කුටිය අසල ආදරණීය ඉරියව්වකින් ඡායාරූපයකට පෙනී සිටින අවස්ථාවේදී, ෆියෝනා ජලය යට සිට වීදුරුව අසලට පැමිණ ඔවුන් දෙස බලා සිටින අයුරු කැමරාවේ සටහන් වී තිබුණා. ෆියෝනාගේ මෙම ඡායාරූපය කෙතරම් අලංකාරද කියනවා නම්, ඇයද එම අවස්ථාවට සිනහවකින් යුතුව සහභාගී වන බවක් ඡායාරූපයෙන් දිස්වෙනවා.

මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ එය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානයට ලක්ව තිබුණා. සින්සිනාටි සත්වෝද්‍යානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, "ෆියෝනා කියන්නේ හැමතිස්සෙම අවධානය දිනාගන්න දන්නා චරිතයක්. ඇය ආරාධනයක් නැතුවම මේ ආදරණීය මොහොතේ ප්‍රධාන නිළිය බවට පත් වුණා.." යනුවෙනි.

මෙම අහඹු සිදුවීම නිසා තමන්ගේ ජීවිතයේ වැදගත්ම දිනය තවත් අමතක නොවන මතකයක් බවට පත් වූ බව අදාළ පෙම්වතුන් යුවළ සතුටින් ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා...
Hiru Tv Blog
ඇයගේ දඟකාරකම් එක්ක මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා කිව්වොත් හරි.සමාධි...
Hiru Tv Blog
සජිත ඇන්තනී කියන්නේ හැමෝම ආදරය කරන ආදරණීය චරිතයක්.ඉතින් සජිත්ගේ දෙවෙනි පුතු,...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනය ගැන කතා කරද්දී ඇය නැතුවම බැරි, කාගේත් ආදරය දිනාගත් චරිතයක්.  තමන්ටම...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top