"පාරේදී හමුවන නාඳුනන අය දෙන දේවල් අතට ගන්න එපා කියන්නේ මේ හින්දයි.." - වැඩිහිටියන් ඉලක්ක කරන "ගල් දෙකේ" කල්ලිය ගැන දැනුවත් වෙන්න!
මේ කියන්න යන්නේ මුහුණු පොතෙන් උපුටා ගත් වාර්තාවක් ගැන කතාවක්.
ඊයේ හවස 3.00 - 3.30 ට පමණ රාගම පොළ පැත්තට යන විට වයසක ආච්චි අම්මා කෙනෙකුට අමුතුම අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවෙලා.
ටිකක් වයසක කොට කාන්තාවක් පැමිණ සිංහල වෙදකම් ගැන විමසා පසුව තම ස්වාමියා පතලක වැඩ කරන බව පවසා තියෙනවා.
පසුව ඇය විසින් කොළ කැබැල්ලක එතූ "ගල් දෙකක්" මෙම ආච්චි අම්මාගේ අතට දී ඇති බව සදහන්.
එම ගල් දෙස බලා සිටින විට ආච්චිට සිහිය නැති වේගන යනවා මෙන් දැනී ඇති අතර, නැවත සිහිය එන විට අර ගැහැණු කෙනා අතුරුදන්ව ඇති බවයි සටහනේ දැක්වෙන්නේ.
ඒ වන විටත් ආච්චිගේ කරේ තිබූ රත්තරන් මාලය සොරකම් කර ඇති බව ඇය පවසනවා.
මෙම සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කළ විට ඔවුන් පවසා ඇත්තේ රාගම ප්‍රදේශයේ මෙවැනි සිදුවීම් වාර්තා වූ 153 වන අවස්ථාව මෙය බවයි.
කෙසේ වෙතත් අපද මේ පිළිබදව රාගම පොලිසියන් විමසා සිටියා.
එහිදී ඔහුන් සදහන් කලේ එවැනි සිද්දියක් වාර්තා නොවන බවයි.
කොහොම වුණත් පාරේදී හමුවන නාඳුනන අය දෙන කිසිදු වස්තුවක් අතට ගන්න එපා.
විශේෂයෙන්ම තනිවම යන වැඩිහිටියන් ඉන්නවා නම් මේ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න.
