රත්තරන් මිලට ඉඟුරු. කිලෝවක මිල ඇසූවොත් ඔබට හීන් දාඩිය දමාවි. මෙන්න අලුත්ම මිල ගණන්.
Monday, 02 February 2026 - 15:01 | Views - 207
දැන් කුස්සියට ගිහින් බලද්දී "ඉඟුරු කෑල්ලක්" කියන්නේ අහම්බෙන් හම්බවෙන මැණික් කැටයක් වගේ වටිනා දෙයක් වෙලා... 


වෙළඳපොළෙන් ලැබෙන අලුත්ම ආරංචි මාර්ගවලට අනුව, අමු ඉඟුරු මිල ගණන් අදහාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මීට කලකට පෙර රුපියල් 500 කට අඩුවෙන් ලබාගත හැකි වූ අමු ඉඟුරු කිලෝවක මිල අද වන විට රුපියල් 2,000 සීමාවත් ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සාමාන්‍ය පාරිභෝගිකයාට දැන් ඉඟුරු කියන්නේ සිහිනයක් පමණක්ම වෙලා..

කෑම රස කරන්න වගේම බෙහෙතටත් නැතිවම බැරි ඉඟුරුවලට මේ වින්නැහිය වුණේ අයහපත් කාලගුණය නිසයි. අධික වර්ෂාව සහ අයහපත් දේශගුණික තත්ත්වයන් හේතුවෙන් මෙරට ඉඟුරු වගාවන් විශාල වශයෙන් විනාශ වී තිබෙනවා. සැපයුම අඩු වීමත් සමඟ මිල පාලනය කරගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි වෙළෙන්දන් පවසන්නේ.

"ඉස්සර කිලෝ ගණන් ගත්ත අය දැන් ඉල්ලන්නේ ග්‍රෑම් 50ක් 100ක් විතරයි" - වෙළඳපොළෙන් ඇහෙන කතා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top