සමුගන්නට පෙර ගීත කෝකිලාවියට බුහුමන් දක්වන්න දහස් ගණනින් සෙනඟ රොක් වෙයි...
Monday, 29 December 2025 - 12:31 | Views - 196
මුළු මහත් ලක්වැසියන්ගේම හදවත් කම්පාවට පත් කරමින් පෙරේදා රාත්‍රියේ නිහඬ වූ ඒ මියුරු හඬ, කලාසූරි ලතා වල්පොලයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පිළිබඳ සියලු තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ලතා වල්පොලයන්ගේ දේහය අද සහ හෙට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා. මහජනතාවට සහ රසික රසිකාවියන්ට පෙරවරු 9 සිට රාත්‍රි 10 දක්වා එහි ගොස් අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

අනිද්දා පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා දේහය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ තැන්පත් කර තැබීමටයි තීරණය කර ඇත්තේ. බොහෝ පිරිසකට පහසුවෙන් ගෞරව දැක්වීමට මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත.

ඇය මෙරට කලාවට කළ සේවය අගයමින්, අනිද්දා පස්වරු 2ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු බොරැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

පෙරේදා රාත්‍රියේ සිදු වූ මේ අභාවය සැලවූ මොහොතේ සිටම දේශපාලඥයින්, ප්‍රවීණ කලාකරුවන් මෙන්ම ඇයට ආදරය කළ දහස් සංඛ්‍යාත රසික පිරිසක් අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා.

අඩසියවසකට වැඩි කාලයක් ලාංකීය සංගීත ක්ෂේත්‍රය ඒකාලෝක කළ ඒ මියුරු හඬට අපගේ ප්‍රණාමය.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top