ඔබටත් හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් , මෙන්න කරන්න ඕන දේ..
මේ දිනවල හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවුවොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ආචාර්ය අජිත් ගුණවර්ධන පවසනවා.
පවතින වායු දූෂක ප්‍රමාණය අඩු කර ගැනීමට වායු දූෂණය අඩුවන පරිදි ක්‍රියා කරන්න යනුවෙන් ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
ආචාර්ය අජිත් ගුණවර්ධන මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු මෙලෙස සඳහන් කළා.
"මේ දිනවල අපි නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිනවා.අපේ රටේ පවතින වායු ගුණාත්මක භාවය ගැන ඒ අනුව වායු ගෝලයේ යම් කිසි පහළ යෑමත් දක්නට ලැබුණා. මේ තත්ත්වය පසුගිය පැය 24 තුළත් අපිට දකින්නට ලැබුණා. ඒ අනුව දිවයිනේ උතුරු මැද සහ බස්නාහිර ප්‍රදේශවල මෙම වායු දුෂණ දර්ශක අගය 150 ක් 200ත් අතර ගන්නවා. මේක සංවේදී පුද්ගලයන්ට අහිතකර තත්ත්වයක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දෙන්නේ හුස්ම ගැනීම අපහසුතාවයක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා.
"මේකට ප්‍රධානම හේතුව ලෙස අපිට දකින්න ලැබෙන්නේ අන්තර් දේශගුණික අතර වාතයේ සංසරණය හා ඊෂාන දිග මෝසම් ප්රවාහයේ සක්‍රිය වීමයි.අප රට තුළ අපි විසින් ඇති කරන ක්‍රියාකාරකම් ගිනි තැබීම් ,වාහන වලින් පිටවන දුම් වායුවේ ගුණාත්මක දූෂණයට ලක් වෙනවා.
වායු දූෂක ප්‍රමාණය අඩු කරගන්න නම් වායූ දුෂණය අඩුවන පරිදි ක්‍රියා කරන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා."යනුවෙන් ඔහු පවසනවා.