ඔබටත් හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් , මෙන්න කරන්න ඕන දේ..
Monday, 22 December 2025 - 12:53 | Views - 360
 
 
මේ දිනවල හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවුවොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ආචාර්ය අජිත් ගුණවර්ධන පවසනවා.
 
පවතින වායු දූෂක ප්‍රමාණය අඩු කර ගැනීමට වායු දූෂණය අඩුවන පරිදි ක්‍රියා කරන්න යනුවෙන් ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
 
ආචාර්ය අජිත් ගුණවර්ධන මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
 
වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු මෙලෙස සඳහන් කළා.
 
"මේ දිනවල අපි නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිනවා.අපේ රටේ පවතින වායු ගුණාත්මක භාවය ගැන ඒ අනුව වායු ගෝලයේ යම් කිසි පහළ යෑමත් දක්නට ලැබුණා. මේ තත්ත්වය පසුගිය පැය 24 තුළත් අපිට දකින්නට ලැබුණා. ඒ අනුව දිවයිනේ උතුරු මැද සහ බස්නාහිර ප්‍රදේශවල මෙම වායු දුෂණ දර්ශක අගය 150 ක් 200ත් අතර ගන්නවා. මේක සංවේදී පුද්ගලයන්ට අහිතකර තත්ත්වයක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දෙන්නේ හුස්ම ගැනීම අපහසුතාවයක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා.
 
"මේකට ප්‍රධානම හේතුව ලෙස අපිට දකින්න ලැබෙන්නේ අන්තර් දේශගුණික අතර වාතයේ සංසරණය හා ඊෂාන දිග මෝසම් ප්‍රවාහයේ සක්‍රිය වීමයි.අප රට තුළ අපි විසින් ඇති කරන ක්‍රියාකාරකම් ගිනි තැබීම් ,වාහන වලින් පිටවන දුම් වායුවේ ගුණාත්මක දූෂණයට ලක් වෙනවා.
වායු දූෂක ප්‍රමාණය අඩු කරගන්න නම් වායූ දුෂණය අඩුවන පරිදි ක්‍රියා කරන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා."යනුවෙන් ඔහු පවසනවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top