රට රැකියා සඳහා පිටත්ව ගිය ලාංකිකයින් ගැන විශේෂ අනාවරණයක්..
Monday, 22 December 2025 - 11:14 | Views - 273
 
මෙම වසරේ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ බව සඳහන් කර තිබෙනවා. 
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසර තුළදී ලාංකිකයන් ලක්ෂ 3ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතකිරීමේ ඉලක්කයක සිට කටයුතු කරන ලද අතර එය මේ වන විට සම්පූර්ණ කරගෙන තිබෙන බව ද එම කාර්යාංශය පවසනවා. 
 
පසුගිය වසර 10 ක කාලයකදී ශ්‍රමිකයන් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2024 වසරේදී ශ්‍රමිකයන් 314,673 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා. 
 
2025 වසර තුළදී පිරිමි ශ්‍රමිකයන් 184,085 හා කාන්තාවන් 116,106 ක් රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 194,982 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 105,209 දෙනකු විදේශ ගතවී තිබෙනවා. 
 
ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 75,200 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 57,037 ක්. 
 
කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන වැදගත් කරුණක් වනුයේ පෙර වසර වලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය, රුමේනියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරීමක්.
 
ඒ අනුව 2025 වසර තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයන් 6,272 දෙනකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 12,728 දෙනකුද, රුමේනියාවේ රැකියා සඳහා 12,180 දෙනකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 10,717 දෙනකු පිටත්ව ගොස් තිබෙනවා.
 
2025 වසරේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.19 ක මුදලක් මෙරටට හිමිවී ඇති අතර, 2025 නොවැම්බර් මාසය තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 673.4 ක මුදලක් මෙරටට ලැබී තිබෙනවා..
 
අරුණ පුවත්පත ඇසුරෙන්..  
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top