මිනීපෙට්ටි හා මිනී අසලින් මඩ ගොඩේ ගමන් යන ගමක් ගැන ඇසෙන අමුතුම කතාවක් මේක.. (Photos)
Monday, 22 December 2025 - 10:04 | Views - 276
 
දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ අධික වර්ෂාවත් සමඟ ගම්පොළ දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටියද නාය යෑමට ලක්ව එහි වළ දමා තිබූ මිනීපෙට්ටි මාර්ගයට පැමිණ ඇති නමුත්, මේ දක්වා එම මීනී ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කරදීමට බලධාරින් මැදිහත් නොවීම පිළිබඳව ප්‍රදේශවාසින් චෝදනා එල්ල කරනවා.
 
ඉකුත් 27 වැනිදා සිදුවූ ආපදාව සමග මෙම සොහාන් පිටිය නාය යෑමට ලක්ව ඇති අතර, මාසයකට ආසන්න කාලයක් මෙම ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව බලධාරීන්ට දන්වා ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම නිසා ප්‍රදේශයේ ජනතාව රෝග බියකින් පෙළෙන්නට හේතු වී ඇති අතර මාර්ගය අවහිරවීම නිසා දුනුකේ උල්ල ප්‍රදේශයේ පවුල් දෙදහසක් පමණ එම ගමට කොටුවී ඇති බවද ඔවුහු පවසනවා.
 
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශයේ කාන්තාවක් වන ජයන්ති කුමාරි මෙසේ කීවාය. “මේ නායයෑම සිදු වුණේ ඉකුත් 27 වැනිදා පාන්දරයි. නාය යෑමෙන් සොහොන් පිටියේ වළදමා තිබූ මීනි සමඟ පෙට්ටි හතරක් මතුව පාරට පැමිණ තිබෙනවා. අදට මාසයකට කිට්ටුයි. අපි උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරියට මේ ගැන කිව්වා. නමුත් වැඩක් වුණේ නෑ. කුණු වී මඩ මුසුව ඇති මේ මීනීවලින් භයානක රෝග පැතිරෙන්න පුළුවන්. මේ ගැන බලධාරින් ගේ අවධානය යොමු කරන්න කියලයි අපි ඉල්ලන්නේ, ඇය කීවා.
 
දුනිකේ උල්ල ඉහළගම ප්‍රදේශයේ සිදුව ඇති මෙම නායෙන් එක් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස කිහිපයක් අවදානමට ලක්ව තිබෙනවා.
 
ගම්පොළ දුනුකේ උල්ල ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස්රථ එකොළහක් හා ලංගම බස් රථ තුනක් ධාවනය වන අතර, මාර්ග අවහිරතාවය නිසා මාසයක් පුරා මෙම ගමට එම බස්රථ පැමිණීමටද නොහැකි වී තිබෙනවා.
 
මේ නිසා ජනතාව කැඩී බිඳී ගිය මිනීපෙට්ටි හා මිනී අසලින් මඩ ගොඩේ එම නාය හරහා ගමන් කරන්නේ දැඩි භීතිකින් බව පවසනවා.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top