හැමෝම බලන් ඉන්න 'ග්‍රීන් කාඩ්' ලොතරැයි වැඩසටහන ගැන අලුත්ම තීරණය..
Friday, 19 December 2025 - 12:18 | Views - 199
'ග්‍රීන් කාඩ්' (Green Card) ලොතරැයි වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

ඒ, බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සහ MIT ආයතනයේ සිදුවූ දරුණු වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරු අමෙරිකාවට ඇතුළු වී ඇත්තේ වීසා ලොතරැයි වැඩසටහන හරහා බව අනාවරණය වීමත් සමයි.

මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් අමෙරිකානු දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එක්සත් ජනපද පුරවැසි සහ සංක්‍රමණ සේවා (USCIS) ආයතනය වෙත මෙම වැඩසටහන තාවකාලිකව නැවැත්වීමට නියෝග කළ බවයි.

48 හැවිරිදි පෘතුගාල ජාතිකයෙකු වන ක්ලෝඩියෝ නෙවෙස් වැලෙන්ටේ නැමැත්තා මෙම ප්‍රහාරවල සැකකරු ලෙස හඳුනාගෙන තිබෙනවා.

බ්‍රවුන් විශ්වවිද්‍යාලයේදී සිදුවූ වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් නව දෙනෙකු තුවාල ලැබූ අතර, MIT මහාචාර්යවරයෙකු ද මොහු අතින් ජීවිතක්ෂයට පත්වූවා.

පොලිස් මෙහෙයුම් අතරතුර සැකකරු තමා විසින්ම වෙඩි තබාගෙන මියගොස් සිටියදී සොයාගෙන තිබුණා.

නෙවෙස් වැලෙන්ටේ 2017 වසරේදී මෙම වීසා ලොතරැයිය හරහා අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාගෙන ඇති බව බලධාරීන් තහවුරු කර තිබෙනවා.

සෑම වසරකම අමෙරිකාවේ අඩු නියෝජනයක් සහිත රටවල ජනතාව වෙනුවෙන් හරිත කාඩ්පත් (Green Cards) 50,000ක් පමණ මෙම ලොතරැයිය මගින් පිරිනැමෙනවා.

ජනාධිපති ට්‍රම්ප් දීර්ඝ කාලයක සිට මෙම වැඩසටහනට විරුද්ධත්වය පළ කළ අතර, මෙම ඛේදජනක සිදුවීමත් සමග ඔහු සිය සංක්‍රමණ ප්‍රතිපත්ති දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top