බයිසිකලේ ලයිට් නෑ කියලා අල්ලස් අරන් , අන්තිමට වෙච්ච දේ..
Thursday, 18 December 2025 - 16:30 | Views - 143
යතුරුපැදියේ සංඥා පහන් අක්රිය වීම සම්බන්ධයෙන් රථවාහන නඩුවක් නොදමා සිටීමට අල්ලස් වශයෙන් රුපියල් 3200ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බව කියන හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා.
ඒත්තාල ප්රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලකට අනුව වැටලීමක් කර මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙක්.
පැමිණිලිකරුට අයත් යතුරුපැදියේ සංඥා පහන් අක්රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් 19 වැනිදා සැකකරු විසින් ලබාගෙන තිබූ රථවාහන නඩුවට අදාළ නීති මඟින් ඉදිරි කටයුතු නොකර, පොලිසිය භාරයට ගෙන තිබු රියැදුරු බලපත්රය ආපසු ලබාදීමට මුල් අවස්ථාවේ දී රු.2,200/-ක්ද, තවත් අවස්ථාවක රු.1,000/- ක මුදලක් වැඩිකර, රු.3,200/- මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.
Share This Article