රෝගීන් 12කට වස දී මැරූ නිර්වින්දන දොස්තර දිවි ඇතිතෙක් කූඩුවේ..
Thursday, 18 December 2025 - 16:30 | Views - 214

රෝගීන් 12 දෙනෙකුට මාරාන්තික ලෙස වස දීම සම්බන්ධයෙන් හිටපු ප්‍රංශ නිර්වින්දන වෛද්‍යවරයෙකු වූ Frédéric Péchierට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබෙනවා.
විදෙස් වාර්තා පවසන පරිදි ඔහුට එල්ල වූ චෝදනාව වූයේ තමාගේ ‘යළි සිහි එළවා ගැනීමේ කුසලතා පෙන්වීමට’ ගොස් ඔහු මෙම අපරාධ සිදු කළ බවයි.
වරදකරු විසින් 2008 සහ 2017 අතර කාලය තුළ බෙසැන්කොන් හි සායන දෙකකදී රෝගීන්ගේ අභ්‍යන්තර ශිරා (IV) බෑග් තුළ ඇති දේ දූෂණය කළ බවට චෝදනා එල්ල වී තිබුණා.
අභිචෝදකයින් කියා සිටින්නේ මෙම වෛද්‍යවරයා විසින් IV බෑග්වලට පොටෑසියම්, දේශීය නිර්වින්දක, ඇඩ්රිනලින් හෝ හෙපරින් ඇතුළු කළ බවත්, එමගින් රෝගීන්ට හෘදයාබාධ හෝ රක්තපාත ඇති වූ බවයි.
ඔහුගේ නඩු විභාගය පුරාවටම මොහු මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා.
තම සේවා දිවුරුමට තමන් ගරු කළ බව පවසන වෛද්‍යවරයා, "නැහැ, මම විෂ දෙන්නෙක් නෙවෙයි” යනුවෙන් ප්‍රකාශ කර තිබුණා.
ඔහු වසර අටක් තිස්සේම තමන් විෂ දෙන්නෙකු ලෙස නිරූපණය කිරීමට එරෙහිව සටන් කළ බවද කියා සිටියා.
ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ වූයේ 2017 දී යි.
ඒ, වෙනත් කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ 36 හැවිරිදි රෝගියෙකු කොඳු ඇට පෙළේ සැත්කමකින් පසු හදිසියේ හදවත නතර වීමත් සමඟයි.
දැඩි සත්කාර වෛද්‍යවරයෙකුට ඇයව යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වූ පසු, වෛද්‍යවරයා ඇයට එන්නතක් ලබා දුන් අතර, ඇය කෝමා තත්ත්වයට පත් වූවා.
Share This Article