මාස ගණනකට පසු සිදුවූ වෙනස , රුපියලේ අගය සටහන් වුණේ මෙහෙමයි..
මාස ගණනාවකට පසු අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල රුපියල් 313.16ක් ලෙස සටහන් වුණා.
මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 305.57ක් ලෙසයි.
අවසන් වරට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 313 සීමාව ඉක්මවා ගොස් තිබුණේ, පසුගිය වසරේ මාර්තු මාසයේදීයි.
ආනයන වියදම් ඉහළ යාම සහ ඩොලරයට පවතින ඉල්ලුම වැඩිවීම මීට හේතුවී ඇති බව මුල්‍ය විශ්ලේෂකයින්ගේ අදහස වී තිබෙනවා.