ටික්ටොක් එකෙන් අඳුනගෙන එන්න කියලා , පුතෙකුත් ඉන්න අම්මෙක්ට කරලා තියෙන දේ.. කට්ටියගේ වයස ගැන ඇහුවොත් ඔක්කොටම වැඩිය පුදුම වෙයි..
Wednesday, 17 December 2025 - 10:06 | Views - 188
 
වයස අවුරුදු 24ක විවාහක කාන්තාවක් "ටික් ටොක්" හරහා හඳුනාගත් පිරිසක් විසින් ලංකා පටුන ප්‍රදේශයට ගෙන්වාගෙන සමූහ දූෂණයට ලක් කිරීමේ බරපතල සිදුවීමක් සම්බන්ධයෙන් තරුණයන් සිව් දෙනෙකු ඊච්චලම්පත්තු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙම කාන්තාව සිය සැමියාගෙන් වෙන්වී, තෝපූර්, වීරමහානගර්හි තම පියා සහ වයස අවුරුදු හයේ පුතා සමඟ ජීවත් වී තිබෙනවා. ඇය ඊච්චලන්පත්තු ප්‍රදේශයේ තරුණයෙකු ‘ටික් ටොක්’ හරහා හඳුනාගෙන ඇති අතර පසුව, ඔවුන් 'වට්ස්ඇප්' හරහා මිතුරු වෙලා තියෙනවා.
 
ප්‍රධාන සැකකරු ඇයව රවටා, ලංකා පටුන ප්‍රදේශයට ගෙන්වාගෙන තිබෙනවා. ඇය බස් රථයකින් පැමිණි විට ප්‍රධාන සැකකරු යතුරුපැදියක නන්වාගෙන මිතුරෙකුගේ නිවසට රැගෙන ගොස් මෙම ක්‍රියාව සිදු කර ඇති බව පොලිසිය පවසනවා.
 
මේ බරපතල අපරාධය සිදු කළ බවට අත්අඩංගුවට ගත් තරුණයන්ගේ වයස් සීමාව ගැනත් පොලිසිය තොරතුරු හෙළි කර තිබෙනවා. ඒ අනුව, ඔවුන් වයස අවුරුදු 16, 17 සහ 18 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වෙන්නේ. අඩු වයසේ තරුණයන් මෙවැනි අපරාධවලට යොමු වීම සැබවින්ම කනගාටුවට කරුණක්.
 
මෙම කාන්තාව විසින් ඊච්චලම්පත්තු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව, කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.එම්. සංජීව බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදුවී තිබෙනවා.
 
ඊච්චලම්පත්තු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.එම්.ඩෙනිප් ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉතා සාර්ථක ලෙස පරීක්ෂණ පවත්වා සැකකරුවන් සිව් දෙනාවම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
දැන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ව මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊච්චලන්පත්තු පොලිසිය තවදුරටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top