දින ගණනක හැංගි මුත්තන් සෙල්ලමෙන් පසු , ඔන්න එයාව හම්බවෙලා..
Wednesday, 17 December 2025 - 9:47 | Views - 199
 
දෙහිවල සත්වෝද්‍යානයෙන් අතුරුදන් වෙලා කියලා ලොකු කතාවක් ගියපු කහ ඇනකොන්ඩා පැටියා දවස් දහයකට පස්සේ ආයෙමත් හම්බවෙලා තියෙනවා.
 
දෙසැම්බර් 6 වෙනිදා රාත්‍රියේ තමයි මේ පිඹුරු වර්ගයේ ඇනකොන්ඩා පැටියා අතුරුදන් වෙලා තියෙන්නේ. සත්වෝද්‍යානය පුරාම දවස් ගාණක් පුරා දිවා රෑ සෝදිසි මෙහෙයුම් කරලා තියෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහත්මයා කියන විදිහට, ඊයේ (16) රාත්‍රියේ කරපු මෙහෙයුමකදී තමයි  ඇනකොන්ඩා පැටියාව හොයාගෙන තියෙන්නේ.
 
මේ ඇනකොන්ඩා පැටියා හිටපු කූඩුවෙන් මීටර් කිහිපයක් එහායින් තිබුණු කබඩ් එකක ලාච්චුවක යටි පැත්තේ දාරයේ තමයි මෙයා හැංගිලා ඉඳලා තියෙන්නේ.
 
කොහොම වුණත් , ඇනකොන්ඩා පැටියා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවාලු. පිඹුරු වර්ගයේ සත්තු සතියකට සැරයක් හෝ සති දෙකකට සැරයක් විතරක්නේ කෑම ගන්නේ, ඒ නිසා දවස් දහයක් කෑම නැතුව හිටියට ප්‍රශ්නයක් වෙලා නැහැ. 
 
කොහොම හරි දැන් ඉතින් ඌව නිරෝධායනයට යොමු කරලා කියලා තමයි අලුත්ම ආරංචිය තියෙන්නේ. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top