ඔයාත් පිට්ටු කන කෙනෙක් නම් , බය වෙන්නම වෙනවා හොඳේ..
මේ අසන්න ලැබෙන පුවත නම් හද කම්පා කරවන පුවතක්. සමහර විට මේ සැමියා පිට්ටු කන්න ආස නිසා බිරිඳගෙන් පිට්ටු හදලා දෙන්න කියලා ඉල්ලන්න ඇති. හැබැයි ඔහු මේ වගේ දෙයක් නම් කොහොමවත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.
මේ පුවත අසන්නට ලැබෙන්නේ වාහනේරි ප්‍රදේශයෙන්.
සුපුරුදු විදියට මේ ආදරණීය සැමියා කුඹුරේ වැඩ කටයුතු ඉවර කරලා ගෙදර ඇවිල්ලා තියෙනවා. එහෙම ගෙදර ඇවිල්ලා ඔහු උදැසන ආහාරයට පිට්ටු සකස් කරලා දෙන්න කියලා ඉල්ලලා තියෙනවා.
කොහොම හරි මෙන්න මේ අවස්ථාවේ දෙන්නා අතරේ බහින් බස් වීමක් ඇති වෙලා තියෙනවා. පස්සේ බිරිඳ සිය සැමියාට පිහියකින් ඇනලා ඝාතනය කරලා තියෙනවා. ඝාතනයෙන් පස්සේ මේ බිරිඳ පිහියත් අරගෙන ඇවිල්ලා පොලිසියට භාර වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
මේ විදියට ඝාතනයට ලක් වෙලා තියෙන්නේ වයස අවුරුදු 46 ක් වෙන දරුවන් හතරදෙනෙකුගේ පියෙක්.