මෙසී - ෂාරුක් හමුවෙයි.. ඒ ගැන ඇසුණු අලුත්ම ආරංචිය මෙන්න
Saturday, 13 December 2025 - 16:41 | Views - 169
ඔහු ගැන මේ ඇසෙන්නේ තවත් අලුත් ආරංචියක්.
ලෝක පාපන්දු ක්‍රීඩාවේ අතිදක්ෂයෙකු වන ලියොනල් මෙසී, අද (13) සිය තෙදින ඉන්දීය සංචාරය ආරම්භ කළේ බටහිර බෙංගාලයේ කල්කටා නගරයෙන් වන අතර, කල්කටාවේ යුවා භාරතී ක්‍රීඩංගනයේ (Salt Lake Stadium) පැවති විශේෂ උත්සවයකදී මෙසී විසින් සිය අඩි 70 ක් උසැති ප්‍රතිමාවද නිරාවණය කරනු ලැබුවා.
මෙම අවස්ථාවට බටහිර බෙංගාල අමාත්‍ය සුජිත් බෝස් සහ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ද සහභාගී වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ලියොනල් මෙසී අද දින කල්කටාවේ පැවැත්වෙන කාර්යබහුල වැඩසටහන් රැසකට සහභාගී වීමට නියමිත අතර, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සෞරව් ගංගුලි සහ බටහිර බෙංගාල ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි හමුවීමටද නියමිතයි.
අද සවස කල්කටාවෙන් පිටත්ව යන මෙසී, හයිද්‍රාබාද් බලා පිටත්ව යනු ඇති අතර, දෙසැම්බර් 13 සිට 15 දක්වා පැවැත්වෙන ඔහුගේ ඉන්දීය සංචාරය කල්කටාවට අමතරව හයිද්‍රාබාද්, මුම්බායි සහ දිල්ලි ආශ්‍රිතවද සිදුකෙරෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
Share This Article