හැටන් නෝර්ටන්බ්‍රිජ් මාර්ගය ගැන මෙන්න විශේෂ ආරංචියක්..
Saturday, 13 December 2025 - 16:36 | Views - 137
ඒ විනාසයෙන් පසු අද මොකද වෙලා තියෙන්නේ..?
මේ මාර්ග ගැන අවදානයෙන් ඉන්න බොහෝ දෙනෙක් අන්න ඒ ගැන දැනගන්න කැමැත්තෙන් ඇති.
හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ප්‍රදේශයේ මාර්ගය හරහා ඉදි කර තිබූ පාලමක් ගිලා බැසීමෙන් අවහිර වී තිබු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ පස්වරුවේ සිට යලි යථා තත්වයට පත් කර තිබෙනවා. මේ බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකු විසින් පවසා තිබුණා.
දිට්වා සුලි කුණාටුවත් සමග එම පාලම ඉකුත් 29වන දින ගිලා බැසීමට ලක් වූ නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එදින සිට 12 වැනිදා උදෑසන දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා.
ශ්‍රී ලාංකා යුධ හමුදාවේ පල්ලේ කැලේ පිහිටි 31වන ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මීටර් 15ක දිගකින් යුත් යකඩ පාලමක් මේ වන විට සවි කර අවසන් අතර, ඊයේ දින පස්වරුවේ සිට එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් කර ඇති බවයි නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ විදායක ඉංජිනේරුවරයා කියා සිටියා.
Share This Article