ලංකාවේ රියදුරු බලපත්‍රයට ඉතාලියේදී වෙන දේ...
Saturday, 13 December 2025 - 16:28 | Views - 231
ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය විසින්, 2025 දෙසැම්බර් 12 වැනි සිකුරාදා දින, ඉතාලියේ රෝමයේදී, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම, විධිමත් ලෙස, අලුත් කර තිබෙනවා. ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොද්‍රිගෝ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපෝදි ඉතාලි රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. 2021 වසරේදී මෙම ගිවිසුම කල් ඉකුත් වීමෙන් අනතුරුව එය අලුත් කිරීම සඳහා දෙරටේ මෝටර් රථ ප්‍රවාහන ගමනාගමන බලධාරීන් අතර සාකච්ඡා ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම මෙම අත්සන් කිරීමේ ක්‍රියාවලිය මඟින් සංකේතවත් වෙනවා. රියදුරු බලපත්‍ර පිළිබඳ ගිවිසුම මගින්, දෙරටෙහි ස්ථිර පදිංචිය ලබා ඇති පුද්ගලයන්ගේ රියදුරු බලපත්‍ර වලංගුභාවයට පත් කර ගැනීමට පහසුකම් සපයනු ලබනවා. මෙම ගිවිසුම ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර 2011දී අත්සන් කරන ලද අතර එය 2021දී කල් ඉකුත් වීමට පෙර නැවතත් 2016 දී අලුත් කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම ගිවිසුම යටතේ, වසර හයක කාලයක් සඳහා අදාළ රටවල පදිංචිව සිටින දෙරටේ ජාතිකයින්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය වීමෙන් තොරව තම ජාතික රියදුරු බලපත්‍රය අනෙක් රටෙහිදී භාවිතා කිරීමට පහසුකම් සැලසෙයි. මෙය, ඉතාලියේ පදිංචිව සිටින සහ සේවයේ නියුතු අති විශාල ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් බෙහෙවින් අගය කර ඇති අතර, ඵලදායී විදේශගත ප්‍රජාවක් ලෙස ඉතාලිය තුල ඔවුන්ගේ දායකත්වයට පහසුකම් සලසමින්, රැකියා අපේක්ෂාවන් සහ අනාගත රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමට උපකාරී වී තිබෙනවා. මෙම ගිවිසුම වසර පහක කාලයක් සඳහා වලංගුයි. දෙරටේ රජයන් විසින් අපරානුමත කිරීමෙන් අනතුරුව, ගිවිසුම දින 60ක කාල සීමාවක් තුළදී බලාත්මක වනු ඇත. ගිවිසුම බලාත්මක වීමෙන් අනතුරුව දෙපාර්ශ්වයම ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top