අදත් භූ කම්පනයක්.. මෙන්න ඒ විශේෂ විස්තරය..
Friday, 12 December 2025 - 11:53 | Views - 192
 
ජපානයේ ඊසානදිග ප්‍රදේශයට අද (12) රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූමිකම්පාවක් බලපා තිබෙනවා.
 
ඒ හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
 
එම භූමිකම්පාව ජපාන වේලාවෙන් පෙ.ව. 11.44ට පමණ සිදුව තිබෙනවා.
 
මීටර 1ක් (අඩි 3ක් පමණ) දක්වා උසකින් යුත් සුනාමි රළ ඇතිවීමේ අවදානමක් පවතින බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) අනතුරු අඟවා තිබෙන්නේ.
 
දින කිහිපයකට පෙර රික්ටර් මාපකයේ ඒකක 7.5ක ප්‍රබල භූමිකම්පාවක් එම කලාපයට බලපෑම් කළ අතර, එයින් දින කිහිපයකට පසු නැවතත් මෙම භූමිකම්පාව සිදුවීම විශේෂත්වයක්.
 
මෙවැනි ප්‍රබල පසු කම්පන තත්ත්වයක් නැවත ඇතිවිය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය මීට පෙර අනතුරු අඟවා තිබුණා.
 
ප්‍රදේශවාසීන්ට වෙරළබඩ ප්‍රදේශවලින් ඈත්ව ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසයි බලධාරීන් උපදෙස් දී ඇත්තේ. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top