"මගේ චූටි ආදරේ.. ඔයා නැතුව මම කොහොමද ආයේ ස්කූල් බස් එක අරගෙන යන්නේ.." සදහටම සමුගත් පුංචි රෝස මලක් ගැන ඇසුණු සංවේදී කතාව මෙන්න..
Wednesday, 03 December 2025 - 17:03 | Views - 168
සමහර බැඳීම් අතර තියෙන්නේ පුදුම ලෙංගතුකමක්. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්. අයහපත් කාලගුණය නිසා කිසිවෙකුත් නොසිතන නිමේෂයක ජීවිත‍යෙන් සමුගත් සුරතල් සිඟිති දියණියක් ගැන තමයි මේ සංවේදී කතාව. "මගේ චූටි ආදරේ.. ඔයා නැතුව මම කොහොමද ආයේ ස්කූල් බස් එක අරගෙන යන්නේ.. දවල් දොළහ වෙනකම් ඉන්නේ ඒ ගිරවිය ගන්න පෙර පාසලට යන්න... අනෙක් දරු⁣වෝ පොර කනවා නංගී එක්කන් එන්න පෙර පාසලට යන්න... නංගීගේ වතුර බෝතලේ එක්කෙනෙක් අතේ, පොත් බෑග් එක තව කෙනෙක් අතේ.... බස් එක නතර කරාම සනත් මාමට බිස්කට් දෙනවා මේව හරි රසයි කාලා බලන්න කියලා...සනත් මාම මට මොනා හරි ඕනි කිව්වම මම හැමෝටම විස්සේ අයිස් පැකට් අරන් දුන්නා...චිත්‍ර පොත් ප්ලැටිග්නම් අම්මගේ ලිෆ්ටික් ගෙනත් මූනවල් මේකප් කරනම් බලාඉදලා මම කෙච්චර සතුටු උනාද... ලිතුලි හිමාජා කිව්වම ඇයි මාමි මම පස්සේ ඉන්නවා කියන්නේ කවුද... රුදුරු වූ කාලගුණය මල් කැකුළ නැති කරාට ... වේවා.. මතු උපදින බවයක අපඅතරම ඉපදේවා...මෙවන් අකල් මරණයක් මතුවට නොම වේවා!! මගේ ආදරේ මට යලි හමුවේවා!!"
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top