කොහොමද දෙවියනේ මෙහෙම සල්ලි පැටව් ගහන්නේ..? යුවලක් ලී මඩුවක සරුවට කරගෙන ගිය වැඩේ මෙන්න..
Tuesday, 02 December 2025 - 16:49 | Views - 100
-Recovered-Recovered.jpg)
ඔවුන් දෙදෙනා සරුවටම කරගෙන ගිය මේ වැඩේ කිසිම දවසක පොලිස් දැලට හසුවේවි කියලා මේ අඹුසැමි යුවල හිතන්නවත් නැතුව ඇති. මෙන්න මේ කතාව ඇත්තටම අන්න ඒ සිදුවීම ගැනයි.
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 11ක් හා ඒවා මුද්‍රණය කළ මුද්‍රණ උපකරණ සමග අඹු සැමි යුවලක් ඇතුළු සිව්දෙනකු පසුගිය දිනක දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, කිතුලාවේ පදිංචි අඹු සැමි යුවළක්.
එසේම කළුතර, කොහොලානේ පදිංචි 45 හැවිරිදි අයකු සහ කළුතර අල්විස්වත්තේ පදිංචි 38 හැවිරිදි අයෙක්ද මේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර, අධිකාරිගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන අයකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
ඉකුත් 29 වැනිදා සවස 4.40 ට පමණ ඔහුගේ වෙළෙඳසලට පැමිණ ඇති ‘බඩියා’ නම් වූ අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු භාණ්ඩ මිලදී ගෙන රුපියල් 5000 නෝට්ටුවක් දී ඉතිරි මුදල් රැගෙන පිටව ගොස් තිබුණා.
මෙම රුපියල් 5000 නෝට්ටුව ව්‍යාජ එකක් බවට සැක සිතූ වෙළෙඳසල් හිමිකරු නෝට්ටුව රැගෙන දකුණු කළුතර පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබෙනවා.
ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා මහතා ඇතුළු නිලධාරීන් ‘බඩියා’ යන අය අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී තමාට ව්‍යාජ මුදල් නෝට්ටුව දුන් කාන්තාව පිළිබඳව හෙළිදරව් කර ඇති අතර ඇය සන්තකයේ තිබී තවත් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 11 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ අනුව එම නෝට්ටු මුද්‍රණය කරන බව කියන ඇගේ සැමියා ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගේ නිවස පිහිටි වත්තේ ලී මඩුවක සඟවා තිබූ මුදල් නෝට්ටු මුද්‍රණය කළ උපකරණ ද පොලිස් භාරයට ගත් බවයි වාර්තා වෙන්නේ.
Share This Article