ධු­රයේ සිටි­යදී විවාහ වූ එරට පළමු රාජ්‍ය නාය­කයා වන්නේ ඔහුයි.. 62 හැවි­රිදි අගමැතිට මංගල සීනු..
Tuesday, 02 December 2025 - 16:48 | Views - 105
මේ කතාව ඇසෙන්නේ ඔස්ට්‍රේලියාවෙන්. ඔස්ට්‍රේ­ලි­යාවේ අග­මැති 62 හැවි­රිදි ඇන්තනී ඇල්බ­නීස් විවහ දිවියට එළඹුණ පුවත මේ වෙද්දී ලොව පුරා සිටින සියළු දෙනාගේ කතාබහට ලක්වෙනවා. ඔහු මෙලෙස විවාහ වී ඇත්තේ සිය දිගු­කා­ලීන පෙම්ව­තිය 47 හැවි­රිදි ජෝඩී හේඩන් සමඟ අති­නත ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. අගමැතිවරයා ජෝඩී හේඩන් සමඟ පෙම් සම්බ­න්ධ­තාව ආරම්භ වී ඇත්තේ 2020 වස­රේදීයි. අග­මැ­ති­ ධු­රයේ සිටි­යදී විවාහ වූ පළමු රාජ්‍ය නාය­කයා ලෙසත් ඔහු ඉති­හා­ස­යට එක් වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරනවා. වසර 2008 සිට 2011 දක්වා නිව්ස­වු­ත්වේල්ස් ප්‍රාන්තයේ නියෝජ්‍ය අග­මැ­ති­නිය ලෙස කාමල් ටෙබූට් සමඟ මීට පෙර විවාහ වී සිටි අග­මැ­ති­ව­රයා 2019 වස­රේදී ඇගෙන් දික්ක­සාද වී තිබුණා. කැන්බරා අග­නු­වර පැවති අග­මැ­ති­ව­ර­යාගේ විවාහ මංග­ලෝ­ත්ස­ව­යට ඔහුගේ පළමු විවා­හ­යෙන් උපන් පුත්‍රයා ද සහ­භාගි වූ බවයි දැනගන්නට ලැබෙන්නේ. මීට අම­ත­රව කැබි­නට් මණ්ඩ­ලයේ ඔහුගේ සමී­ප­තම ඇමැ­ති­වරු කිහි­ප­දෙ­නකු ද එම අව­ස්ථා­වට එක්ව තිබුණා..
Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top