ආපදාවට ලක්වූවන් වෙනුවෙන් පිහිට වෙන ඔබට පොලිසියෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්..
Tuesday, 02 December 2025 - 16:44 | Views - 108
මේ විශේෂ පණිවිඩය ආපදාවට ලක්වූ අය වෙනුවෙන් වෙහෙසෙන ඔබටයි.
ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම මේ වන විට බාධාවක් වී ඇතැයි පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කර සිටියේ, එම සහන කණ්ඩායම් සිදුකරන සේවාවට තමන් ස්තූතිවන්ත වන බවයි.
එහෙත් ඇතැම් දිස්ත්‍රික්කවල මාර්ග අලුත්වැඩියා කටයුතු සිදුකරන ප්‍රදේශවලට විශාල වාහන ප්‍රමාණයක් පැමිණීම එම කටයුතුවලට බාධාවක් වන බවයි ඔහු පවසන්නේ. එසේම මේ මොහොතේ ඒ ස්ථානවෙත පැමිණීම මෙම තත්ත්වය යටතේ අවදානම් බවත් ඔහු පැවසුවා.
එමනිසා අදාළ ප්‍රදේශවල කොට්ඨාස භාර ස්ථානාධිපතිවරු සම්බන්ධ කරගනිමින් අදාළ සහනයන් ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දෙන්නේ.
තවද මෙම පිරිස් වෙත ආපදා මෙහෙයුම් මැදිරියට කතා කර අදාල සහන ලබාදීමටද කටයුතු කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පවසා ඇත්තේ.
Share This Article