ඔබේ මහන්සිය ඔවුන්ට මේ මොහොතේ ලොකු ශක්තියක්.. ආපදාවෙන් විපතට පත්වූවන්ට බත් පාර්සල් ලබාදෙනවා නම් මෙන්න මේ ගැනත් සැලකිලිමත් වෙන්න..
Tuesday, 02 December 2025 - 16:42 | Views - 192
-Recovered-Recovered.jpg)
මේ මොහොතේ රටේ විශාල පිරිසක් ඉන්නේ අවතැන් කඳවරුවල. ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර සැකසීමට රට පුරාම ඉන්න බොහෝ දෙනෙක් වෙහෙසෙනවා.
ඒත් එක්කම ඇතැම් මොහොතවල අපි දැක්කා සමාජමාධ්‍ය හරහා පළවුණු දැන්වීම්වලින් මේ කෑම බීම අපතේ ගිහින් තියන ආකාරය. ඉතින් ඔයත් කඳවුරුවලට කෑම දෙන්න ඉන්න කෙනෙක්ද? මේක පොඩ්ඩක් කියවලා බලන්න. නරක් නොවි පැය ගානක් තියාගන්න පුළුවන් විදිහට කෑම වේලක් හදාගන්න මේක ඔයාට උපකාරයක් වේවි. කෑම සකසන කෙනෙක්ගේ මේ අත්දැකිම්වලින් පුංචිම හරි අදහසක් ඔයාලට ලැබෙනවානම් ඇත්තටම මේ මොහොතේ එය හරිම වැදගත් වෙන දෙයක්.
- කැකුළු හාලක් උයන්න. ( කැකුළු බත හොඳට නිවෙන්න තියලා බත් බඳින්න ගන්න. පැය 26 ට වඩා තියාගන්න පුළුවන් )
- උයන එලවළු තෝරගනිද්දි කල්පනාකාරි වෙන්න.
- බිත්තර එකතුකරනවා නම් ( බිත්තර බැදලා දෙන්න. ) බිත්තර තම්බලා දෙන්න එපා හේතුව බඩේ කැක්කුම් හැදෙන්න තියන ප්‍රවනතාවය වැඩියි. ලොකු පොඩි භේදයකින් තොරව.
- පරිප්පු උයනවා නම් ( වතුරෙන් උයලා හොඳ තෙම්පරාදුවක් දාන්න.. පැය 24 ට වඩා තියාගන්න පුළුවන්.. වතුර ටික හිදෙන්න තියලා හදාගන්න)
- පොල්සම්බෝල හදනවානම් ( හොඳට තෙම්පරාදු කරලා හදන්න පැය 24 ට වඩා තියාගන්න පුළුවන් )
- අල තෙල්දාලා දෙනවානම් ( අල ගැඹුරු තෙලේ බැදලා අරගෙන හදන්න.. දවසක් උනත් තියාගන්න පුළුවන් )
නරක් නොවි බතට බෙදන්න පුළුවන් දේවල්
- සෝයා තෙම්පරාදු කර වතුරෙන් මිරිසට හින්දෙන්න හදලා
- අඹ මාලුව (වතුරෙන් හදන්න කිරි එකතුකරන්න එපා. කන්න පුළුවන් රසයි)
- ටින් මාලු (සැමන් ගම්මිරිස් රසට හදන්න වේලෙන්න කල්තියාගන්න පුළුවන් )
- චිලිපේස්ට්
- උම්බලකඩ බැදුමක්
- රටකජු බැදුමක්
- වම්බටු දෙන අයට වම්බටු තෙල්දාලා දෙන්කොට නරක් වෙනවා.. තෙලෙන් බැදලා සෝස් චිලිපේස්ට් දාලා හදලා දෙන්න නරක් වෙන්නෙ නෑ.. ( අඩු වියදමකින් නරක් නොවි තියාගන්න පුළුවන් විදිහ)
ඉතින් ඒ දේවල් නරක් නොවි තියාගන්න පුළුවන්. ඔයාලා රෑ 12 ට ඉව්වත් පහුවදා දවසම තියාගෙන අවශ්‍ය වෙලාවට කෑම එක දිග ඇරගෙන කන්න පුළුවන්.
හිතෙන්න පුළුවන් ලොකු ප්‍රමාණය කට උයනකොට ඕවා හිත හිත ඉන්න බෑ කියලා. නමුත් අපි උයන කෑම එක පිළුනු වෙලා විසි කරන්න වුණොත්..? සල්ලි දෙන කෙනා වගේම ශ්‍රමයෙන් උයන ඔයාගේ මහන්සියත් අපරාදේ.. කෑමත් අපරාදේ... පුළුවන් තරම් කැකුළු හාලක්, නාඩු හාලක් ගන්න බලන්න නරක් වෙන්නෙ නෑ ඒ හාල් ඉව්වම.
මුහුණුපොත ඇසුරෙන්..
Share This Article