වසරේ අවසාන කාර්තුව රටට ඉතුරු කළේ අමිහිරි මතකයක්. මේ ගැන ජෝතිෂ්‍ය ඇසින් කියවෙන්නේ මොන වගේ දෙයක්ද..?
Tuesday, 02 December 2025 - 16:41 | Views - 104
මේ කියන්න යන කාරණය ගැන ඔබත් මේ වෙනකොට දැනගන්න සූදානමින් ඇති. මේ අන්න ඒ ගැන කතාවක්. සූර්යය මස වෘශ්චික, රවි 4 භාගයක් වූ චන්ද්‍ර මස උඳුවප් පුර විසේනිය ලත් කුජ දින 2025.11.25 පෙ.ව. 7.02ට බුධ සහ සිකුරු අතර ග්‍රහ යුද්ධයෙන් බුධ ජය කෙහෙළි නංවුණා. මෙම ග්‍රහ යුද්ධය ගුරුට අයත් වීසා නැකතේ තෙවැනි පාදය තුළ සිදු වේ. වීසා නැකත වනාහි කෲර, රක්ත වර්ණ, පුල්ලිංග, ත්‍රිපද, අධෝමුඛ, තේජෝභූත තාරකා 4 කින් යුත් නැකතකි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ මෙම ග්‍රහ යුද්ධය නවවෙනි භාවය තුළ සිදු වනු ඇත. ඒ අනුව අධිකරණය, ආගමික නායකයන් වහන්සේලා, ආගමික ස්ථාන, දේශීය වෙළෙඳපොළ යන ස්ථාන, පුද්ගලයන්ට තවදුරටත් ගැටලු ඇති වන බව පෙනේ. මේ මොහොත වනවිට ගණ්ඩාන්ත දෝෂය ද පවතින අතර භව කරණය ද, රවි හෝරාව ද මෙහිදී පවතින අතර තත්කාල ලග්නය වශයෙන් වෘශ්චික ලග්නයත්, කුම්භ නවාංශකයත් උදාව පවතිනවා. එහිදී ලග්නගතව රවි, කුජ ද තෙවැන්නේ සඳු ද, සිව්වැන්නේ රාහු ද, පස්වැන්නේ ශනි ද, නවවැන්නේ වක්‍ර ගුරු ද, දොළොස් වැන්නේ බුධ, සිකුරු ද මෙසේ ගමන්ගෙන තිබුණා. තත්කාල කේන්ද්‍රයේ 22 වන දෙර්කානාධිපති සිකුරුට අයත්ව ගමන් කිරීම සහ ග්‍රහ යුද්ධයෙන් සිකුරු පරාජය වීම හේතු කොට ගෙන කාන්තාවන්ට සහ රැඳවියන්ට තවදුරටත් කරදර ඇති වන පුවත් අසන්නට ලැබෙනවා. විකෘති කාම අපරාධවල වර්ධනයක් ද පෙන්නුම් කරයි. මෙරට සිටි ප්‍රවීණ කලාකාරියකගේ හදිසි වියෝවක් ද ඉදිරි දින කිහිපය තුළ පෙන්නුම් කරනු ලබයි. එමෙන්ම සිකුරු සාගරයට ද කාරක බැවින් ප්‍රබල සාගර භූ කම්පන තත්ත්වයන්ද ඉදිරියේදී පෙන්නුම් කරනු ලබයි. මෙහිදී බුධගේ ජය ලැබීම හේතු කොටගෙන බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අයට මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට මෙන්ම විපක්ෂ කණ්ඩායම්වලට යහපත් බවක් ඇති කරයි. රට පුරා ආගමික ප්‍රබෝධයක්ද දැක ගතහැකි වෙනවා. දෙසැම්බර් 06 මිථුන රාශිය තුළ වක්‍ර චලිතයේ ගුරු ගමන් කිරීම හේතු කොටගෙන 2026 මාර්තු 14 තෙක් (එම කාලය තුළ) බදු බර වැඩිවීම් ද පෙන්නුම් කරයි. රාජ්‍ය ආයතනවල දූෂණ, අක්‍රමිකතා හෙළි වන කාලයක් ද වෙනවා. ගණ්ඩාන්ත දෝෂය ද විෂ සහිත බැවින් ජනතාවට නොයෙක් කරදරවලට පවා මුහුණ දීමට සිදු වන මාස කිහිපයකි. මහජන මුදල් හානි වන පුවත් ද අසන්නට ලැබේ. එමෙන්ම රෝහල් සහ බන්ධනාගාර ආශ්‍රිතව යම් යම් ගැටලු, බාධක පුවත් ද අසන්නට ලැබෙනවා. තැපැල්, විදුලි, දුම්රිය යන ආයතනවල ගැටලු ඇති වීමට ඉඩ පවතින අතර සමහර අවස්ථාවල උස්ඝෝෂණ ඇතිවීමට පවා ඉඩ පවතී. විශ්ව කේන්ද්‍රයේ රහස් කුමන්ත්‍රණ රාශියක් තත්කාල ලග්නය වීම තුළ යම් යම් අයගේ රහස් එළි වන කාලයක් ද වේ. ඔබ සුභ මුහුර්තියක් සෑදීමේදී ග්‍රහ යුද්ධයක් පවතින දිනක යොදා නොගැනීම නොකළ යුතුය. දෙසැම්බර් 7 තෙක් කුජ වෘශ්චිකයේ සිටින බැවින් හද කම්පා කරවන රිය අනතුරු ගැන අසන්නට ලැබේ. ප්‍රබල රටක ප්‍රබල සිදුවීමක් ගැන ඉදිරි දින කිහිපය තුළ පුවතක් අසන්නට ලැබෙනවා. ඔබ ධාර්මිකව, සිල්වත්ව සිටීම මත මෙම කියන අසුභ තත්ත්වවලින් ඔබට මිදියහැකි වෙනවා. දිවයින පුවත්පත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top