අධිවේගයේ පැති බැම්මේ කොටසක් ඉරිතලයි.. මංතීරුවක් වසා දමයි..
Friday, 28 November 2025 - 15:14 | Views - 44
මේ මොහොතේ බොහෝ දෙනෙක් මේ ගැන සැලකිලිමත් වෙන එක වැදගත් වෙනවා. දක්ෂිණ අධිවේගීමාර්ගය භාවිත කරන ඔබට මේ ආරංචිය වැදගත් වේවි.. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12 දශම 5 (බද්දේගොඩ ප්‍රදේශයේ) ගැලණිගම සහ කහතුඩුව අතර පැති බැම්ම ඉරිතලා නාය යාමේ අවදානමක් පවතින බැවින් මාර්ගයේ මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. පවතින වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ දෙසට දිවෙන මං තීරුවේ පැතිබැම්මෙ මෙම ඉරි තැලීම සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ වම් මං තීරුවේ මීටර් 300 ක ප්‍රමාණයක් මෙලෙස ආරක්ෂිත විධිවිධාන ක්‍රම උපයෝගී කර ගනිමින් තාවකාලිකව වසා දැමීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත්තේ. මේ වනවිට පැති බැම්මේ ඉරි තැලීම සිදුවූ කොටස ඉටි කොළවලින් ආවරණය කර තිබෙන බව සඳහන්. මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ නිලධාරීන් ඒ අවට සහ අධිවේගී මාර්ගයේ සියලුම පැති බැමි අධීක්ෂණය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top