අධිවේගයේ පැති බැම්මේ කොටසක් ඉරිතලයි.. මංතීරුවක් වසා දමයි..
Friday, 28 November 2025 - 15:14 | Views - 113
මේ මොහොතේ බොහෝ දෙනෙක් මේ ගැන සැලකිලිමත් වෙන එක වැදගත් වෙනවා. දක්ෂිණ අධිවේගීමාර්ගය භාවිත කරන ඔබට මේ ආරංචිය වැදගත් වේවි.. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12 දශම 5 (බද්දේගොඩ ප්‍රදේශයේ) ගැලණිගම සහ කහතුඩුව අතර පැති බැම්ම ඉරිතලා නාය යාමේ අවදානමක් පවතින බැවින් මාර්ගයේ මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. පවතින වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ දෙසට දිවෙන මං තීරුවේ පැතිබැම්මෙ මෙම ඉරි තැලීම සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ වම් මං තීරුවේ මීටර් 300 ක ප්‍රමාණයක් මෙලෙස ආරක්ෂිත විධිවිධාන ක්‍රම උපයෝගී කර ගනිමින් තාවකාලිකව වසා දැමීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත්තේ. මේ වනවිට පැති බැම්මේ ඉරි තැලීම සිදුවූ කොටස ඉටි කොළවලින් ආවරණය කර තිබෙන බව සඳහන්. මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ නිලධාරීන් ඒ අවට සහ අධිවේගී මාර්ගයේ සියලුම පැති බැමි අධීක්ෂණය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළෙත් අතිශය ඉහළ ප්‍රේක්ෂක...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න ලස්සනම වගේම, තමන්ගේ සරාගී පෙනුම නිසාම නිතරම කාගේත් දැඩි අවධානයට...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top