ලංකාවේ සියලුම ජලාශ සහ ගංගාවල් මේ වන විට අවදානමේද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
Friday, 28 November 2025 - 15:08 | Views - 41
ඉදිරි දිනවලදී ලංකාවේ කාලගුණය මොන වගේ වේවිද..? ලංකාවේ සියලුම ජලාශ සහ ගංගාවල් මේ වන විට ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට වාරිමාර්ග අධ්‍යක්ෂ ලසන්ත සූරියබණ්ඩාර පවසනවා. වැඩිදුරටත් කරුණු දක්වමින් වාරිමාර්ග අධ්‍යක්ෂ මෙලෙස සඳහන් කළා. "මහජනතාවට සාරාංශයක් විදිහට කිව්වොත් ඉතාම කෙටි කාලයක් තුළ සියලුම ගංගාවල් මේ වන විට ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ නිසා මට විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ දේ තමයි කැලණි ගඟ සහ කළුගඟ ආසන්නයේ මේ වන විට ජල මට්ටම ඉහළ තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන් කඩුවෙල, හංවැල්ල, පූගොඩ යන ප්‍රදේශ අවදානමක තිබෙනවා.ඉහළ වර්ෂාපතනයක් ලැබී තිබෙන නිසා ජල මට්ටම වේගයෙන් ඉහළ ගිහින් තිබෙන්නේ. ඒ ජලය කෙටි කාලයක් තුළ පහළට එන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රදේශවල ඉන්න අය මේ ගැන සැලකිලිමත් වීම සහ ඉවත්වීම වඩා වැදගත්. ඒ වගේම අනෙකුත් සෑම දිස්ත්‍රික්කයක්ම ගංවතුරෙන් යටවෙලා තියෙනවා. කළු ගඟ ආශ්‍රිතවත් වෙනසක් නැහැ." "ප්‍රධාන වැව් බොහොමයක් දැවැන්ත ජල ප්‍රමාණයක් නිදහස් කරනවා. දැදුරු ඔය ඊයේ සිට අද දක්වා වෙනසක් නැහැ. දැවැන්ත ජල ප්‍රමාණයක් නිදහස් කරනවා.එම නිසා දැදුරු ඔයේ පහළ ප්‍රදේශවල ජලය වැඩි වෙනවා. ඊයේ රාත්‍රියේ සිට රාජාංගනය විශාල ජල ප්‍රමාණයක් නිදහස් කරනවා. කලාවේ පහළ ප්‍රදේශයට තවදුරටත් මල්වතු ඔය , අනුරාධපුර බොහෝ ජලාශ මේ වන විට ජලය නිදහස් කරනවා. එම නිසා තන්තිරිමලේ ප්‍රදේශ යට වී තිබෙනවා." යනුවෙන් අධ්‍යක්ෂවරයා පවසනවා.
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top