ලංකාවේ සියලුම ජලාශ සහ ගංගාවල් මේ වන විට අවදානමේද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
Friday, 28 November 2025 - 15:08 | Views - 138
ඉදිරි දිනවලදී ලංකාවේ කාලගුණය මොන වගේ වේවිද..? ලංකාවේ සියලුම ජලාශ සහ ගංගාවල් මේ වන විට ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට වාරිමාර්ග අධ්‍යක්ෂ ලසන්ත සූරියබණ්ඩාර පවසනවා. වැඩිදුරටත් කරුණු දක්වමින් වාරිමාර්ග අධ්‍යක්ෂ මෙලෙස සඳහන් කළා. "මහජනතාවට සාරාංශයක් විදිහට කිව්වොත් ඉතාම කෙටි කාලයක් තුළ සියලුම ගංගාවල් මේ වන විට ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ නිසා මට විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ දේ තමයි කැලණි ගඟ සහ කළුගඟ ආසන්නයේ මේ වන විට ජල මට්ටම ඉහළ තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන් කඩුවෙල, හංවැල්ල, පූගොඩ යන ප්‍රදේශ අවදානමක තිබෙනවා.ඉහළ වර්ෂාපතනයක් ලැබී තිබෙන නිසා ජල මට්ටම වේගයෙන් ඉහළ ගිහින් තිබෙන්නේ. ඒ ජලය කෙටි කාලයක් තුළ පහළට එන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රදේශවල ඉන්න අය මේ ගැන සැලකිලිමත් වීම සහ ඉවත්වීම වඩා වැදගත්. ඒ වගේම අනෙකුත් සෑම දිස්ත්‍රික්කයක්ම ගංවතුරෙන් යටවෙලා තියෙනවා. කළු ගඟ ආශ්‍රිතවත් වෙනසක් නැහැ." "ප්‍රධාන වැව් බොහොමයක් දැවැන්ත ජල ප්‍රමාණයක් නිදහස් කරනවා. දැදුරු ඔය ඊයේ සිට අද දක්වා වෙනසක් නැහැ. දැවැන්ත ජල ප්‍රමාණයක් නිදහස් කරනවා.එම නිසා දැදුරු ඔයේ පහළ ප්‍රදේශවල ජලය වැඩි වෙනවා. ඊයේ රාත්‍රියේ සිට රාජාංගනය විශාල ජල ප්‍රමාණයක් නිදහස් කරනවා. කලාවේ පහළ ප්‍රදේශයට තවදුරටත් මල්වතු ඔය , අනුරාධපුර බොහෝ ජලාශ මේ වන විට ජලය නිදහස් කරනවා. එම නිසා තන්තිරිමලේ ප්‍රදේශ යට වී තිබෙනවා." යනුවෙන් අධ්‍යක්ෂවරයා පවසනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top