ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක්.. පළාත් පහකට මි.මී. 150ට වැඩි "ඉතා තද වැසි"
Friday, 28 November 2025 - 15:07 | Views - 115
අද දවසේ කාලගුණය ගැන මේ ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්. ශ්‍රී ලංකාවට ආසන්නව, ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම කාලගුණික පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එ අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ (ප.ව. 10.30) සඳහන්. දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට පැයට කිලෝමීටර 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළෙත් අතිශය ඉහළ ප්‍රේක්ෂක...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න ලස්සනම වගේම, තමන්ගේ සරාගී පෙනුම නිසාම නිතරම කාගේත් දැඩි අවධානයට...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top