සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු.. අයහපත් කාලගුණය මැද තලාතුඔය ප්‍රදේශයේ අඹුසැමි යුවලක් ගැන ඇසෙන හද කම්පා කරන පුවතක් මෙන්න..
Thursday, 27 November 2025 - 17:11 | Views - 43
මේ වන විට පවතින කාලගුණ තත්වය නිසා විවිධ ඛේදනීය පුවත් අහන්න දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ හදවත් සංවේදී වන තවත් කතාවක්. ඔවුන් දෙදෙනාගේ ජීවිතවල ඉරණම් කතාව කිසිවෙකුත් විශ්වාස නොකළ මොහිතක මෙහෙම නිමවේවි කියා කවුරුත් හිතන්නට නැතුව ඇති. කාලගුණයේ රුදුරුකම එක්කම අසන්න ලැබෙන ඒ සංවේදී කතාවයි මේ.. තලාතුඔය පොලිස් වසමේ මැදගම පල්ලේගම ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා. අධික වර්ෂාවත් සමඟ නිවෙසට පිටුපසින් තිබූ පස් කන්ද නාය යෑමෙන් අඹුසැමි යුවළ සිටි කාමරය මුළුමනින්ම පස්වලට යටවී තිබෙන බවයි පොලීසිය පවසන්නේ. මියගොස් ඇත්තේ හේරත් මුදියන්සේලාගේ ගාමිණි හේරත් (76) සහ ජම්බුගහගෙදර පොඩි මැණිකේ (78) නමැති අඹුසැමි යුවළ බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා. පස් කන්ද ඊයේ (26) රාත්‍රී 11.00 ට පමණ නිවස මතට පතිත වී තිබෙන අතර ප්‍රදේශවාසීන් එක්ව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු ඔවුන් පිටතට ගැනීමට සමත් වුවත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිට ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ නිවෙසේ එම අඹුසැමි යුවළ පමණක් සිට ඇති අතර ඔවුන් ගේ පුත්‍රයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුත්කව සිටින බව වාර්තා වෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහයන් මහනුවර ජාතික රෝහලට යොමුකර තිබෙනවා. මේ අතර උඩුදුම්බර මහවෙල ග්‍රාම සේවා වසමේ නිවාස දෙකක් නාය යෑමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top