කාන්තාවකට අත්වුණු අඳුරු ඉරණමක්... සැමියා හෝ පවුලේ අයෙක් අතින් ඇයට වෙන දේ ගැන හිතාගන්න බැරි අනාවරණයක්..
Thursday, 27 November 2025 - 17:08 | Views - 34
ඔබ දන්නවාද..? ලෝකයේ ඕනෑම තැනක ඉන්න කාන්තාවක් මෙවැනි ඉරණමකට පත්වන බව. මොකක්ද මේ ඇසෙන කතාව. සෑම විනාඩි 10කටම ලෝකයේ කොතැනක හෝ එක් කාන්තාවක් හෝ ගැහැනු ළමයෙක් සිය සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනය වන බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සහ ජගත් කාන්තා සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවක් අනාවරණය කර තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන්නේ, 2024 වසරේදී කාන්තාවන් සහ ගැහැණු ළමුන් 50,000ක් පමණ සමීප සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් අතින් ඝාතනය කර ඇති බවයි. එයින් අදහස් වන්නේ දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් 137ක් මිය යන බවයි. පසුගිය වසරේ (2024) හිතාමතා ඝාතනය කරන ලද සමස්ත කාන්තාවන් සහ ගැහැණු ළමුන් 83,000කින්, 60%ක් එනම් 50,000ක් සිය සමීප සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් විසින් සිදු කර තිබෙන බව එම වාර්තාවේ සඳහන්. මෙවැනි ස්ත්‍රී ඝාතනවල ඉහළම අනුපාතය වාර්තා වී ඇත්තේ අප්‍රිකාවෙන්. එය කාන්තාවන් සහ ගැහැණු ළමුන් 100,000කට 3ක් බැගින් වනවා. මෙවැනි ඝාතනවලට ලක්වීමේ අවදානම් ඇති අනතුරුදායක කණ්ඩායම් අතරට දේශපාලනයේ නිරත කාන්තාවන්, මාධ්‍යවේදිනියන් සහ ක්‍රියාකාරීන් වැනි ක්ෂේත්‍රවල නියැලෙන කාන්තාවන් වැඩි අවදානමකට මුහුණ දී ඇති බවයි අදාල වාර්තාවේ දැක්වෙන්නේ. UNODC හි වැඩබලන විධායක අධ්‍යක්ෂ ජෝන් බ්‍රැන්ඩොලිනෝ පවසන පරිදි, ලොව පුරා බොහෝ කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට නිවස තවමත් අනතුරුදායක සහ සමහර විට මාරාන්තික ස්ථානයක් ලෙස පවතිනවා. මෙම ඝාතන බොහෝ විට ආරම්භ වන්නේ පාලනය කිරීමේ හැසිරීම්, තර්ජන සහ හිරිහැර කිරීම් වැනි අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයක් මත බව UN කාන්තා ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂ සාරා හෙන්ඩ්‍රික්ස් පැවසුවා. පර්යේෂකයන් දැඩි ලෙස අනතුරු අඟවන්නේ නිසි ලෙස වාර්තා නොකිරීම හේතුවෙන් මෙම ස්ත්‍රී ඝාතනවල සැබෑ හානිය වාර්තාගත සංඛ්‍යාවට වඩා බොහෝ ඉහළ විය හැකි බවයි. මෙම මාරාන්තික ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සඳහා, වඩා හොඳ වැළැක්වීමේ උපාය මාර්ග සහ අපරාධ යුක්ති විනිශ්චය ප්‍රතිචාර මෙන්ම, වැරදිකරුවන් වගවීම සඳහා වන නීති ක්‍රියාත්මක කිරීමට ඔවුන් ලොව පුරා රටවල බලධාරීන්ට අවධාරණය කරනවා.
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top