Clean Bandit සංගීත කණ්ඩායමේ ප්‍රසංගය පවත්වන තැන වෙනස් වෙයි...
Thursday, 27 November 2025 - 17:06 | Views - 36
SUN FM විසින් සංවිධානය කරනු ලබන ග්‍රැමී සම්මානලාභී 'Clean Bandit' සංගීත කණ්ඩායමේ ප්‍රසංගය, හෙට (28) දින පැවැත්වීමට නියමිත ස්ථානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වෙනස් කර තිබෙනවා.
ඒ අනුව, ප්‍රසංගය පැවැත්වෙන නව ස්ථානය ලෙස ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (SLECC) තෝරාගෙන ඇති අතර, එම ප්‍රසංගය ගෘහස්ථව පවත්වන බවයි සංවිධායකවරුන් සඳහන් කළේ.
මින් පෙර එම ප්‍රසංගය කොළඹ නෙළුම් කුළුණ ආශ්‍රිත පරිශ්‍රයේ එළිමහන් ප්‍රසංගයක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ නමුත්, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රසංගය ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ගෘහස්ථව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මෙම ප්‍රසංගය සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SUN FM නාලිකාවට සවන් දෙන ලෙසයි සංවිධායකවරුන් ඉල්ලා සිටින්නේ.
Share This Article