ට්‍රම්ප්ගේ පොලිටිකල් කැම්පේන් හෙළුව එළියට.. ලංකාවේ ගිණුම කෝ..? ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාව කැළඹූ සිද්ධියක් ගැන ඇසෙන කතාව මෙන්න..
Thursday, 27 November 2025 - 17:05 | Views - 43
ඩොනල්ඩ් ට්‍රම්ප් වගේම එලෝන් මස්ක් කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් අතර කතා මවන චරිත ද්විත්වයක්. මේ කතාව ඇසෙන්නේ ඔවුන් දෙදෙනා ගැනද..? අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් පෙනීසිටින, එක්ස් (X) (පෙර ට්විටර්) සමාජ මාධ්‍ය වේදිකාවේ පවතින ගිණුම් බොහොමයක් අමෙරිකාවේ නොව, ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු ලොව වෙනත් රටවලින් ක්‍රියාත්මක වන බවත් ඒ අතරට ශ්‍රී ලංකාවේ ගිණුම් ද ඇතුළත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරනවා. ලොව නන්දෙසින් චෝදනා එල්ල වන මෙම නවතම අනාවරණය සිදුවන්නේ එක්ස් (X) හෙවත් පෙර ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාව මගින් හඳුන්වා දුන් නවතම විශේෂාංගයක් හේතුවෙන්. France24 පුවත් වාර්තා කරන පරිදි, පසුහඹන්නන් විශාල පිරිසක් සිටින, ට්‍රම්ප්‌ගේ මතවාදය පතළ කරන Republican Media නමැති ගිණුම ක්‍රියාත්මක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටයි. මෙම නවතම තත්ත්වය වේදිකා බාල් ඉදිරිපත් කරන්නිය විසින් Truth or Fake වැඩසටහනෙන් පැහැදිලි කරනවා. කෙසේවෙතත් මේ වනවිට එවැනි ගිණුමක් එක්ස් හි සොයාගැනීමට හැකිවන්නේ නැහැ. MAGA Profiles නැතහොත් මාගා සමාජ ජාල ගිණුම් විශාල ප්‍රමාණයක් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය, දේශපාලනය වෙනුවෙන් ක්‍රියාත්මකයි. 'ඇමරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත්කරන්න' (Make America Great Again- MAGA) යනු අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2016, 2020 සහ 2024 දී ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර මෑතකදී ජනප්‍රියත්වයට පත්කරන ලද ඇමරිකානු දේශපාලන සටන් පාඨයයි. 2025 නොවැම්බර් 22 සිකුරාදා දින X විසින් About This Account (මෙම ගිණුම පිළිබඳව) නම් නව විශේෂාංගය හඳුන්වා දුන්නා. මෙම මෙවලම මගින් එක්ස් ගිණුමක් වෙබ් අඩවියට සම්බන්ධ වූ ස්ථානය, පරිශීලක නාමය වෙනස් කළ වාර ගණන සහ X යෙදුම බාගත කිරීමට භාවිතා කළ ක්‍රමය පරිශීලකයින්ට දැකගත හැකියි. මෙම නව විශේෂාංගය හඳුන්වා දීම වේදිකාව තුළ කෝපය, ව්‍යාකූලත්වය සහ සමච්චලයට හේතු වූ අතර මෙහි ප්‍රධාන අනාවරණය වූයේ, MAGA (Make A Great Again) ව්‍යාපාරයට සහාය දුන් ප්‍රබල බලපෑම්සහගත ගිණුම් රැසක විදේශ සම්භවය නොදැනුවත්වම හෙළිදරව් වීමයි. මෙම නව මෙවලම හේතුවෙන්, ප්‍රමුඛ MAGA ගිණුම් බොහොමයක් එක්සත් ජනපදය තුළ පදනම් වී නොමැති බව අනාවරණය වූවා. එම රටවල් අතර ඉන්දියාව, නයිජීරියාව, නැගෙනහිර යුරෝපය, බංග්ලාදේශයට අයත් ගිණුම් බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මෙම තත්ත්වය හේතුවෙන් ඔන්ලයින් දේශපාලන කතිකාව තුළ විදේශීය ක්‍රියාකරුවන්ට ඇමරිකාවේ බෙදීම්වලින් ලාභ ලැබිය හැකි පහසුව, සහ සංවිධානාත්මක රාජ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙනවා. එක්ස් සමාජ ජාලය, ලෝක ධනවතකු මෙන්ම දේශපාලන ව්‍යාපාරයේදී අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු අත මෙන් සිට පසුව හිත් නොහොඳකම් ඇතිවූ ඉලෝන් මස්ක්ට අයත්. මෙම තත්ත්වය නව තාක්ෂණික මෙවලමක් යොදා ගැනීමෙන්, මුලින් අමෙරිකාවේ යැයි සිතූ දේශපාලන කතාබස් පවතින ගිණුම්වල සත්‍ය සම්භවය හෙළිදරව් වීමත් සමඟ ඇති වූ බලපෑමකට සමාන කළ හැකියි. උදාහරණයක් ලෙස, මිලියන භාගයකට අධික අනුගාමිකයන් සිටින TRUMP_ARMY ගිණුම ඉන්දියාවේ පදනම් වී තිබෙනා. තවත් මිලියනයකට වඩා අනුගාමිකයන් සිටින IvankaNews ගිණුම නයිජීරියාවේ පදනම් වී තිබෙන්නක්. පර්යේෂකයන් පවසන්නේ මෙවැනි ගිණුම්වල අරමුණ වන්නේ ඇමරිකාවේ දේශපාලන, සංස්කෘතික යුද්ධ අවුළුවාලීමෙන් මුදල් ඉපයීමට එසේ නැතහොත් සංවිධානාත්මක රාජ්‍ය ක්‍රියාකාරකම් විය හැකි බවයි. X හි නිෂ්පාදන ප්‍රධානියාට අනුව, මෙම ස්ථාන දත්ත 99%ක් නිවැරදියි. නමුත් නවතම විශේෂාංගය මගින් අනතුරු අඟවන්නේ මෙම ස්ථානය දැක්වීම VPN භාවිතය, සංචාර හෝ තාවකාලික ස්ථාන මාරු කිරීම් හේතුවෙන් ස්ථානය දැක්වීමේදී නිරවද්‍යතාවයට බලපෑම් එල්ල විය හැකි බවයි.
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top